News Feeds

DGCA Sri Lanka elected as the Chairman of COSCAP-SA

09 May 2024

The 31st Steering Committee Meeting of COSCAP - South Asia...

Launching website of the new visa system from 16.04.2024

06 May 2024

This serves to inform the public that the existing short-term...

Mr. Juan Carlos Salazar of Colombia officially assumed the office of the Secretary General of the International Civil Aviation Organization (ICAO), succeeding Dr. Fang Liu of China on 01st August 2021.

Mr. Salazar is a former Director General of Civil Aviation of Colombia and speaks fluent Spanish, English, French, and basic Arabic. He has more than 26 years of experience in civil aviation, public policy, and the management of large and complex Organizations.

He was appointed as ICAO Secretary General in February of this year by the ICAO Council, after its comprehensive assessment of a number of international candidates.

Mr. Upul Dharmadasa, Chairman of Civil Aviation Authority of Sri Lanka (CAASL), Capt. Themiya Abeywickrama, Director General of Civil Aviation and Staff of CAAL wish Mr. Salazar a very successful tenure in office.

 

Civil Aviation Authority of Sri Lanka (CAASL) rolled out the second dose of COVID-19 vaccination program for its staff in co-ordination with the Sri Lanka Health Authorities.

The vaccination program is another step forward to safeguard our colleagues who serve many aviation industry customers who walk through our office premises to obtain services. Together with other measures, we ensure the health and safety of our valuable customers, employees, and the communities.

The 2nd inoculation drive began for the staff who received the first dose and the vaccine is introduced to all on a voluntary basis.

The program was launched under the guidance of Mr. Upul Dharmadasa Chairman of Civil Aviation Authority of Sri Lanka & Capt. Themiya Abeywickrama Director General of Civil Aviation and the program was organized and implemented by Dr. Bimal Dias and the Aeromedical staff of the Civil Aviation Authority of Sri Lanka

මේ වන විට අප අතර සිටින ජේෂ්ඨතම ගුවන් නියමුවා වන කපිතාන් ෂෙල්ටන් ටෙරන්ස් ගුණවර්ධන සිය ගුවන් නියමු බලපත්‍ර සංරක්ෂණ කටයුතු සඳහා ශ්‍රී ලංකා සිවිල් ගුවන්සේවා අධිකාරියට භාරදීම පසුගිය දා සිදුකලා.

දැනට 95 වන වියේ පසුවන කපිතාන් ගුණවර්ධන, ජාතික ගුවන් සේවය වූ එයාර් සිලෝන් හි ආරම්භක ගුවන් නියමුවෙකු ලෙස කටයුතු කලේය. පසුව එක්සත් රාජධානියේ පෞද්ගලික ගුවන් සමාගම් කිහිපයක සේවය කර 1985 වසරේ සේවයෙන් විශ්‍රාම ලැබූ ඔහු පයිලට් සීයා යන අනුවර්ථ නාමයෙන් ගුවන්සේවා ලෝලීන් අතර ජනප්‍රියත්වයට පාත්‍රවී ඇත.

පනහ සහ හැට දශක වල පැවති සියළු වානිජ ගුවන්යානා මාඳිළින් පැදවීමට හැකිවන පරිදි, සිවිල් ගුවන්සේවා දෙපාර්තමේන්තුව විසින් 1949 වසරේ දී නිකුත් කරන ලද B ඝණයේ නියමු බලපත්‍රය සහ ජාත්‍යන්තර සිවිල් ගුවන්සේවා සංවිධානය විසින් නිකුත් කරන ලද නියමු බලපත්‍රය සමග ඔහු විසින් සිදුකල පියසැරීන් පිළිබඳ සියළු සටහන් තැබූ ලොග් සටහන් පොත් ද මෙලෙස සංරක්ෂණ කටයුතු සඳහා ලබාදීම සිදුවූයේ සිවිල් ගුවන්සේවා අතිරේක අධ්‍යක්ෂ ජනරාල් පී. ඒ. ජයකාන්ත මහතා පසුගිය දා කපිතාන් ගුණවර්ධන මුණගැසුන අවස්ථාවේ දී ය.

ශ්‍රී ලංකා සිවිල් ගුවන්සේවා අධිකාරිය විසින් ගුවන්සේවා ක්ෂේත්‍රයේ ඉතිහාසගත තොරතුරු ඉදිරි පරම්පරාව වෙත දායාද කිරීමේ අරමුණින් සංරක්ෂණය කිරීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කර ඇති අතර එහි එක් පියවරක් ලෙස අතීත ගුවන්සේවා තොරතුරු සහ දත්ත රැස්කිරීමේ අරමුණින් මෙම හමුව සිදුවිය.

සියවසකට එහා ගිය, ශ්‍රී ලංකාවේ සිවිල් ගුවන්සේවා කර්මාන්තයේ උන්නතිය වෙනුවෙන් උරදී කටයුතු කල කර්මාන්තකරුවන් සහ පුද්ගලයින් ඇගයීමට ලක්ක්රීම වෙනුවෙන් සිවිල් ගුවන්සේවා සම්මාන ප්‍රධානය 2021 නමින් වැඩසටහනක් එළඹෙන දෙසැම්බර් මස දී මෙරට ගුවන්සේවා ක්ෂේත්‍රයේ පළමු වරට සංවිධානය කිරීමට සැලසුම් කරමින් පවතින අතර එහි එක් අංගයක් ලෙස මෙවැනි ජේෂ්ඨයන් ඇගයීමට ද කටයුතු සූදානම් කරමින් පවතී.

ශ්‍රී ලංකා සිවිල් ගුවන්සේවා අධිකාරියේ සභාපති උපුල් ධර්මදාස, සිවිල් ගුවන්සේවා අධ්‍යක්ෂ ජනරාල් කපිතාන් තේමිය අබේවික්‍රම යන මහත්වරුන්ගේ උපදේශකත්වය මත සිවිල් ගුවන්සේවා සම්මාන ප්‍රධනය සහ ප්‍රවීණයන් ඇගයීමේ වැඩසටහන් ක්‍රියාත්මක වේ.

ගුවන්සේවාවේ නුදුටු පැතිකඩ සොයා යන රූපමය චාරිකාව වන සෑම සෙනසුරාදාවකම සවස 06 30 ට ජාතික රූපවාහිනියෙන් විකාශය වන ගුවන්සැරිසර රූපවාහිනී වැඩසටහනෙහි පටිගත කිරීමක් ද මෙයට සමගාමීව සිදුවිය.

 

ගුවන්සේවා ක්ෂේත්‍රයේ යහ පැවැත්ම රඳා පවතිනුයේ එහි ආරක්ෂාව සහ නිරුපද්‍රිතතාව (Security & Safety) මතය. එම නිසා එම අංශ දෙක නිරතුරුවම නියාමනයට ලක්කිරීම අත්‍යාවශ්‍ය කරුණක් වන අතර එහි වගකීම භාරව ඇත්තේ ශ්‍රී ලංකා සිවිල් ගුවන්සේවා අධිකාරිය වෙත ය.

වත්මන් කොවිඩ් තත්වය හමුවේ ගුවන් ප්‍රවාහන කර්මාන්තය පවත්වාගෙන යාම අභියෝගයක් වුවත් එය හමුවේ ගුවන්සේවා මෙහෙයුම් කටයුතු නිසි ජාත්‍යන්තර ප්‍රමිතීන් යටතේ පවත්වාගෙන යාමේ ජාතික මෙහෙවර වෙනුවෙන් සිවිල් ගුවන්සේවා පරික්ෂකවරුන් දැඩි කැපවීමකින් යුතුව කටයුතු කරනු ලබති.

කසකස්ථානයේ සිට ඔස්ට්‍රේලියාව බලා පියාසර කරමින් තිබූ ඔස්ට්‍රේලියානු CGG Aviation සමාගමට අයත් ලියාපදිංචි අංක VH-ZKG දරන Cessna 208B මාඳිළියේ ගුවන් යානාව පසුගිය දා මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපොල වෙත තාක්ෂණික නැවතුමක් සහ කාර්යමණ්ඩල විවේක ගැන්වීමක් වෙනුවෙන් පැමිනි අතර එම යානාව ශ්‍රී ලංකා සිවිල් ගුවන්සේවා අධිකාරියේ, ගුවන්සේවා පරික්ෂකවරුන්ගේ හදිසි සෝදිසි කිරීමකට ලක්විය.

මෙම හදිසි සෝදිසි කිරීමේ දී, නිසි ගුවන්සේවා ප්‍රමිතීන් ආරක්ෂා කරගනිමින් සෞඛ්‍ය අංශ විසින් හඳුන්වා දී ඇති කොවිඩ් ව්‍යාප්ති පාලන වැඩසටහනට අනුගත වෙමින් එම ගුවන් කාර්යමණ්ඩලය කටයුතු කරන බව ද, අනුමත උපකරණ පමනක් රැගෙන ගුවන් යානාව ශ්‍රී ලංකාවට අයත් ගුවන් කලාපයේ පියාසර කල බවට ද තහවුරු වී ඇත.

සිවිල් ගුවන්සේවා අධ්‍යක්ෂ ජනරාල් සහ ප්‍රධාන විධායක නිලධාරී කපිතාන් තේමිය අබේවික්‍රම මහතාගේ උපදෙස් මත සිවිල් ගුවන්සේවා අතිරේක අධ්‍යක්ෂ ජනරාල් පී. ඒ. ජයකාන්ත මහතාගේ අධීක්ෂණය යටතේ ශ්‍රී ලංකා සිවිල් ගුවන්සේවා අධිකාරියේ ගුවන් ආරක්ෂක, ගුවන්යෝග්‍යතා, ගුවන් සංතරණ සහ ගුවන් මෙහෙයුම් යන අංශයන් නියෝජනය වන පරිදි, ගුවන් යානාව හදිසි සෝදිසි කිරීම සඳහා එක්වූ එරංග දසනායක, ඉසුරු වෙන්ඩකෝන්, දනුල ජයරත්න, ඉසුරු සරත්චන්ද්‍ර සහ කෞතිෂා කරුණාරත්න යන සිවිල් ගුවන්සේවා පරික්ෂකවරුන් නිසි සෞඛ්‍ය උපදෙස් අනුගමනය කරමින් ඒ සඳහා සූදානම් වූ අයුරු ඡායාරූපයේ දැක්වේ.

 

 

The Chinese Government donated a stock of essential medical equipment and supplies to the Civil Aviation Authority of Sri Lanka to be used for assistance to frontline staff involved in the fight against COVID-19.

 

The medical aid included 270 Protective clothing and shoe covers, 24,000 disposable face masks, 4,800 KN95 face masks, 120 goggles, 500 pairs of disposable gloves & 5 sterile lamps.

 

The donation was handed over by H.E Qi Zhenhong, The Chinese Ambassador to Capt. Themiya Abeywickrama, Director General of Civil Aviation & Chief Executive Officer on 16th March 2021 at a ceremony held at the Chinese Embassy in Colombo.

 

Mr. Rayhan Wanniappa, Actg. Deputy Director General (Corporate Affairs), Dr. Bimal Dias, Senior Civil Aviation Inspector (Aero Medicine) along with senior officials of the Chinese Embassy were present on this occasion.