News Feeds

ඔබ සැමට සාමය, සතුට, සෞභාග්‍යය සපිරි සුභ නව වසරක් වේවා!

16 April 2026

ඔබ සැමට සාමය, සතුට, සෞභාග්‍යය සපිරි සුභ නව වසරක් වේවා!...

CAASL Conducts Professional Development Session on Psycholog...

30 March 2026

The Aeromedical Services (AMS) of the Civil Aviation Authority of...

වරාය, නාවික සහ ගුවන්සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා පසුගිය දා (19) ශ්‍රී ලංකා සිවිල් ගුවන්සේවා අධිකාරියේ නිරික්ෂණ චාරිකාවකට එක්විය.

මෙහිදී අධිකාරියේ අධ්‍යක්ෂ මණ්ඩලය හා ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සමගින් ගුවන්සේවා කර්මාන්තයේ උන්නතිය වෙනුවෙන් රජයේ ඉදිරි වැඩපිළිවෙල සහ ජාතික ආර්ථිකය සවිමත් කිරීම උදෙසා ගුවන්සේවා කර්මාන්තය උපයෝගී කරගත හැකි ආකාරය පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡාවක නිරත විය. ශ්‍රී ලංකාවේ ගුවන්සේවා නියාමන ආයතනය ලෙස මෙම කටයුත්තේ දී ශ්‍රී ලංකා සිවිල් ගුවන්සේවා අධිකාරිය, ගුවන්සේවා කර්මාන්තයට හා සම්බන්ධ සෙසු ආයතන සමගින් එක්ව කඩිනම් වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන ලෙස ද අමාත්‍යවරයා මෙහිදී උපදෙස් ලබාදෙන ලදි.

උද්ගතව ඇති ආර්ථික තත්වය හමුවේ යම් පසුබෑමකට ලක්ව ඇති සංචාරක කර්මාන්තය යලි නගා සිටුවීම වෙනුවෙන් ගුවන්සේවා කර්මාන්තයට ඉටුකල හැකි කාර්යභාරය පිළිබඳව මෙහිදී ඉහළ අවධානයක් යොමුවූ අතර ගුවන්යානා ඉන්දන ක්‍රමවත්ව නිකුත් කිරීම ආරම්භ කිරීමෙන් පසු මෙරටට මගී ප්‍රවාහන ගුවන් ගමන් වාර ක්‍රියාත්මක කරන විදේශිය ගුවන් සමාගම් යලි සුපුරුදු රිද්මයට ගුවන් ප්‍රවාහන සේවා ක්‍රියාත්මක කරනු ඇති බව මෙහිදී සිවිල් ගුවන්සේවා අධ්‍යක්ෂ ජනරාල් සහ ප්‍රධාන විධායක නිලධාරි පී. ඒ. ජයකාන්ත මහතා පෙන්වා දුන්නේ ය.

එමෙන්ම ගුවන්සේවා පුහුණු කටයුතු සඳහා මෙරටට පැමිනෙන විදේශීය සිසුනට අවශ්‍ය පහසුකම් සහ සහතික කිරීම කඩිනම් කිරීමේ අවශ්‍යතාවය අමාත්‍යවරයා පෙන්වා දුන්නේ ය.

ශ්‍රී ලංකා ගුවන් අවකාශය භාවිතා කරන විදේශීය ගුවන් සමාගම් වලට අයත් ගුවන් යානා සඳහා ගුවන් සංතරණ සේවා සැපයීම වෙනුවෙන් අයකරනු ලබන සේවා ගාස්තු ඉහළ දැමීම සඳහා අවශ්‍ය යෝජනාවන් කඩිනමින් රේඛීය අමාත්‍යාංශය හරහා කැබිනට් මණ්ඩලයේ අනුමැතිය සඳහා ඉදිරිපත් කරන ලෙසට ද උපදෙස් ලබාදෙන ලදි.

වරාය, නාවික සහ ගුවන්සේවා අමාත්‍යාංශයේ අතිරේක ලේකම් සුනිල් ගුණවර්ධන, ශ්‍රී ලංකා සිවිල් ගුවන්සේවා අධිකාරියේ සභාපති උපුල් ධර්මදාස, උප සභාපති ජී. එස්. විතානගේ යන මහත්වරුන් ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් ද මෙම අවස්ථාවට එක්විය.

එහිදී කැබිනට් මණ්ඩලය විසින් අභිනවයෙන් පත් කරන ලද නව අධ්‍යක්ෂ ජනරාල් පී. ඒ. ජයකාන්ත මහතා වෙත පත්වීම් ලිපිය ප්‍රදානය කිරීම ද සිදුවිය.

ඡායාරූපය -

නව සිවිල් ගුවන්සේවා අධ්‍යක්ෂ ජනරාල් සහ ප්‍රධාන විධායක නිලධාරී පී. ඒ. ජයකාන්ත මහතා වෙත පත්වීම් ලිපිය අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මැතිතුමා විසින් ප්‍රදානය කල අවස්ථාව, ශ්‍රී ලංකා සිවිල් ගුවන්සේවා අධිකාරියේ සභාපති උපුල් ධර්මදාස, උප සභාපති ජී. එස්. විතානගේ යන මහත්වරුන් ද මෙම අවස්ථාවට එක්විය.