
- විස්තර
ශ්රී ලංකාව ජාත්‍යන්තර සිවිල් ගුවන්සේවා ප්‍රඥප්තියට (චිකාගෝ සම්මුතිය) අත්සන් කර වසර 78 ක් ජුනි මස 01 දිනට පූර්ණය වීම නිමිත්තෙන් දිනමිණ පුවත්පතෙහි පලවූ ලිපිය
https://www.dinamina.lk/2026/06/01/local/290745/
ගුවන් ප්‍රවාහන ක්ෂේත්‍රය ගෝලීය වශයෙන් ගත් කල වර්ථමානයේ ක්‍රියාත්මක වන සුරක්ෂිත, ආරක්ෂිත මෙන්ම කාර්යක්ෂමතාවයෙන් හෙබි ප්‍රවාහන මාධ්‍යය ලෙස කටයුතු කරමින් සිටී. එමෙන්ම එහි තවත් දිගුවක් ලෙස තිරසර ගුවන්සේවා කර්මාන්තයක් ලොවට දායාද කිරීම වෙනුවෙන් ද මේ වන විට සැලසුම්ගත වැඩපිළිවෙලක් ගෝලීය වශයෙන් ක්‍රියාත්මක වෙමින් පවතී.
ගෝලීය වශයෙන් එකම නියාමන ක්‍රමවේදයක් යටතේ ක්‍රියාත්මක වන ගුවන්සේවා කර්මාන්තය, එහි වත්මන් ස්වභාවය දක්වා මෙහෙයවීමේ ගෞරවය හිමිවන්නේ ජාත්‍යන්තර සිවිල් ගුවන්සේවා සංවිධානය (International Civil Aviation Organization – ICAO) වෙත යි. දෙවන ලෝක යුද්ධයේ නිමාවත් සමගින් තවදුරටත් එවැනි අහිතකර මෙන්ම ව්‍යසනකාරී වාතාවරණයක් බිහිවීම වැලැක්වීම අරමුණු කර එක්සත් ජාතීන්ගේ සංවිධානය බිහිවූ අතර ඒ යටතේ විවිධ වූ ක්ෂේත්‍ර ආවරණය වන පරිදි ජාත්‍යන්තර සංවිධාන ගණනාවක් බිහිවිය. සිවිල් ගුවන්සේවා ක්ෂේත්‍රය ගෝලීය වශයෙන් නියාමනය කර, සපලදායී ලෙස ක්‍රියාවේ යොදවමින්, එහි ප්‍රථිලාභ මහජනතාව වෙත ලඟාකරදීම උදෙසා චිකාගෝ සම්මුතිය (Chicago Convention) නම් ප්‍රඥප්තියක් හඳුන්වා දුන් අතර එම ප්‍රඥප්තියට අනුගතව සිවිල් ගුවන්සේවා කටයුතු මෙහෙයවීම වෙනුවෙන් මූලිකව ගිවිසුම්ගත වූ රටවල් 52 ක මූලිකත්වයෙන් 1947 දෙසැම්බර් මස 07 වන දා ජාත්‍යන්තර සිවිල් ගුවන්සේවා සංවිධානය (International Civil Aviation Organization – ICAO) බිහිවිය.
නිදහස් රාජ්‍යයක් බවට පත්වීමෙන් පසු 1948 ජුනි මස 01 දින චිකාගෝ සම්මුතියට අත්සන් තබමින් ICAO හි සාමාජික රටක් බවට ශ්‍රී ලංකාව පත්විය.
මේ වන විට රටවල් 193 ක් ICAO හි සාමාජිකත්වය ලබා ඇති අතර ශ්‍රී ලංකාව චිකාගෝ සම්මුතියේ නියාමන ක්‍රමවේදයන් රටට හා එහි මහජනතාවට වඩාත් සපලදායී ලෙස ක්‍රියාවේ යොදවමින් සාර්ථක සාමාජික රටක් ලෙස දකුණු ආසියානු සහ ආසියානු ශානිතිකර කලාප වල කටයුතු කරමින් සිටින අතර ගෝලීය වශයෙන් ද ඉහළ සපලදායී මට්ටමක් පෙන්නුම් කරමින් ප්‍රසාදයට ලක්ව කටයුතු කරමින් සිටී.
“අද දිනය (ජුනි 01), ශ්‍රී ලංකා ගුවන්සේවා කර්මාන්තයට ඉතා වැදගත් දිනයක්. ජාත්‍යන්තර වශයෙන් එකම නියාමන ක්‍රමවේදයක් යටතේ ක්‍රියාත්මක වන ගුවන්සේවා කර්මාන්තය, ශ්‍රී ලංකාව තුළ, විශේෂයෙන් අපට අයත් ගුවන් කලාපයේ ඉතා ප්‍රසංසනීය ආකාරයෙන් නියාමනය කරමින් සිටිනවා. භෞමික වශයෙන් අපේ රට ස්ථානගත වී ඇති ආකාරය වගේම ගුවන්සේවා කර්මාන්තය අනෙකුත් බොහෝ කර්මාන්ත සමගින් ජාලගතවී ඇති නිසා ගුවන් ප්‍රවාහනය ශ්‍රී ලංකාවට ඉතා වැදගත් මෙහෙයක් ඉටුකරමින් සිටිනවා. විශේෂයෙන් ගුවන්සේවා කර්මාන්තයේ ප්‍රතිලාභ සමස්ථ මහජනතාව වෙත ළගාකරවීම වෙනුවෙන් ජාතික නියාමන ආයතනය ලෙස ශ්‍රී ලංකා සිවිල් ගුවන්සේවා අධිකාරිය නිබඳවම කටයුතු කරමින් සිටින බව මේ අවස්ථාවේ ප්‍රකාශ කරන්න කැමතියි.
මේ සියළු ගුවන්සේවා ක්‍රියාකාරකම් ජාත්‍යන්තර ප්‍රමිතීන් ආරක්ෂා කරමින් සිදුකිරීමේදීත්, මෙම කර්මාන්තයේ ප්‍රථිලාභ මහජනතාව වෙත ළගාකර දෙමින්, අනාගත අවස්ථාවන් ඔවුනට සමීප කරවීම වෙනුවෙනුත් අපගේ රේඛිය අමාත්‍යාංශය වන වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍යාංශයේ අමාත්‍යතුමන්, නියෝජ්‍ය අමාත්‍යතුමන්, ලේකම්තුමන් අපට නිබඳවම ශක්තියක් වෙමින් අවශ්‍ය සියළු මගපෙන්වීම් සිදුකරනවා. ඒ වගේම අපේ ආයතනය වන ශ්‍රී ලංකා සිවිල් ගුවන්සේවා අධිකාරිය නියාමන කාර්යභාරය සිදුකිරීමේ දී, ගුවන්සේවා පාර්ශවකාර ආයතන එම නියාමන ක්‍රමවේදයන්ට අනුගත වෙමින් වඩාත් සුරක්ෂිත, ආරක්ෂිත මෙන්ම කාර්යක්ෂම ගුවන් අවකාශයක් සහ එම කර්මාන්තය ආශ්‍රීත ප්‍රථිලාභ මහජනතාවට ලඟාකරදීම උදෙසා කැපවී කටයුතු කරමින් සිටිනවා.
ඒ වගේම, ICAO විසින් ශ්‍රී ලංකාවේ සිවිල් ගුවන්සේවා කර්මාන්තය අරමුණු කර ජාත්‍යන්තර විගණනයක් ඉදිරියේ දී පැවැත්වීමට සැලසුම් කර ඇති බැවින් ඒ වෙනුවෙන් අප විශේෂ සූදානමක් යටතේ කටයුතු කරන අවදියකයි මේ පසුවන්නේ. මෙවැනි ජාත්‍යන්තර විගණනයන්ට සාර්ථකව මුහුණ දීම තුළීන්, ශ්‍රී ලංකාව ජාත්‍යන්තර ගුවන්සේවා නියාමන ක්‍රමවේද සපලදායී ලෙස ක්‍රියාවේ යොදවමින් නිරුපද්‍රිත සහ ආරක්ෂිත ගුවන්සේවා කර්මාන්තයක් ශ්‍රී ලංකාව තුළ පවත්වාගෙන යන බවත්, චිකාගෝ ප්‍රඥප්තියේ එකඟතාවයටන්ට අනුව කටයුතු කරන ICAO හි සාමාජික රටක් බවත් පෙන්නුම් කරන්න අවස්ථාව උදාවනවා.”
ලෙස අප වෙත අසහස් දැක්වූයේ සිවිල් ගුවන්සේවා අධ්යක්ෂ ජනරාල් සහ ප්රධාන විධායක නිලධාරි කපිතාන් දමින්ද රඹුක්වැල්ල මහතා යි.

- විස්තර
ශ්රී ලංකා සිවිල් ගුවන්සේවා අධිකාරිය සහ එහි අධ්‍යක්ෂ ජනරාල් මෙන්ම ඉහළ නිලධාරීන් ද ඉලක්ක කරගනිමින් සමාජ මාධ්‍ය වේදිකා කිහිපයක ව්‍යාජ, ගොතන ලද හා මහජනතාව නොමඟ යවනසුලු තොරතුරු සහ සත්‍යයෙන් තොර වූ පුවත් ප්‍රචාරය කරනු ලබන බව ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරියේ අවධානයට ලක්වී ඇත.
ඒ අනුව, අදාළ තොරතුරු සම්පූර්ණයෙන්ම ව්‍යාජ, නොමඟ යවනසුලු සහ අනවසර ප්‍රකාශන බව ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරිය දැඩිව අවධාරණය කරයි.
එමෙන්ම, සිවිල් ගුවන්සේවා අධ්යක්ෂ ජනරාල් සහ ප්රධාන විධායක නිලධාරිවරයාගේ සුදුසුකම් සම්බන්ධයෙන් ද්වේෂ සහගත ලෙස පලකර ඇති තොරතුරු එම අධිකාරිය දැඩිව ප්‍රතික්ෂේප කරයි.
මෙවැනි ආකාරයේ, ව්‍යාජ හා ගොතන ලද පුවත් සකස් කිරීම, ප්‍රකාශයට පත් කිරීම සහ සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කිරීම සඳහා වගකිව යුතු පුද්ගලයන් සහ/හෝ පාර්ශවයන්ට එරෙහිව, ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරිය විසින් අවශ්‍ය නීතිමය ක්‍රියාමාර්ග වලට එළඹ ඇත.
සිවිල් ගුවන් සේවා සම්බන්ධ තාක්ෂණික තොරතුරු හුවමාරු කිරීමේදී මහජනතාව, මාධ්‍ය ආයතන සහ සමාජ මාධ්‍ය භාවිතා කරන්නන් ඉතා වගකීමෙන් හා සැලකිලිමත්ව කටයුතු කරන ලෙසත්, එවැනි තොරතුරු නිල වශයෙන් නිකුත් කරනු ලබන මාධ්‍ය නිවේදන සහ ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරියේ නිල සන්නිවේදන මාර්ග මගින් සනාථ කරගැනීමට කටයුතු කරන ලෙසත් ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරිය මහජනතාවගෙන් දැඩිව ඉල්ලා සිටී.
ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරිය මහජන විශ්වාසය, ආයතනික ගෞරවය සහ රාජ්‍ය ආයතනවල විශ්වසනීයත්වය ආරක්ෂා කිරීම සඳහා අඛණ්ඩව කැපවී සිටින අතර, අසත්‍ය තොරතුරු හා දුෂ්ප්‍රචාර පැතිරවීමට එරෙහිව දැඩිව ක්‍රියා කරනු ඇති බව තවදුරටත් නිවේදනය කර සිටී.
මාධ්‍ය ප්‍රකාශක,
ශ්‍රී ලංකා සිවිල් ගුවන්සේවා අධිකාරිය

- විස්තර

- විස්තර
A successful meeting was held at Mattala Rajapaksa International Airport (MRIA) with both local and international investors to explore potential investment opportunities at the airport.
This initiative forms part of a broader effort to attract foreign direct investment and strengthen Sri Lanka’s presence in the global aviation sector.
Under the guidance of the line ministry, the Ministry of Ports & Civil Aviation, Airport & Aviation Services (Sri Lanka) (Private) Limited the statutory service provider for Sri Lanka’s civil airports together with the Board of Investment of Sri Lanka (BOI), has been entrusted with promoting these opportunities through official digital platforms and international networks, reflecting strong inter-agency coordination.
MRIA, a facility with immense untapped potential since its inauguration over a decade ago, is now poised for significant growth. The airport presents promising opportunities in tourism development as well as strategic investments in Airport Operations, Cargo Services, Logistics, and MRO (Maintenance, Repair and Overhaul) sectors.
The meeting was graced by Eng. Janitha Ruwan Kodithuwakku, Deputy Minister of Ports & Civil Aviation.
Capt. Daminda Rambukwella, Director General of Civil Aviation and Chief Executive Officer (DGCA & CEO), Mr. Buddika Hewawasam, Chairman of the Sri Lanka Tourism Development Authority, Dr. Sulakshana Jayawardena, Acting Chairman of the Board of Investment of Sri Lanka (BOI), Mr. Primal De Silva, Director of Airport & Aviation Services (Sri Lanka) (Private) Limited, along with representatives of AASL, CAASL, BOI, and both local and international investors attended the occasion.
In line with the Sri Lankan Government’s policy on public-private partnerships, the Ministry of Ports & Civil Aviation has launched a formal drive to attract both local and international investors to Mattala Rajapaksa International Airport (MRIA).
This initiative aims to revitalize the country’s aviation sector while stimulating economic growth in the southern region.
Under the leadership of Capt. Daminda Rambukwella, DGCA & CEO, the Civil Aviation Authority of Sri Lanka (CAASL) will continue to support stakeholders and prospective investors as the National Aviation Authority, serving as a key facilitator for this important investment opportunity.
Due to adverse weather conditions in the Katunayake area on the morning of 22nd May 2026, six inbound flights were safely diverted to Mattala Rajapaksa International Airport (MRIA).
The diversions were handled smoothly, ensuring the safety and convenience of passengers and flight operations.

- විස්තර
Page 1 of 29


