පුවත් සංග්‍රහ

DGCA Sri Lanka elected as the Chairman of COSCAP-SA

මැයි 09 2024

The 31st Steering Committee Meeting of COSCAP - South Asia...

Launching website of the new visa system from 16.04.2024

මැයි 06 2024

This serves to inform the public that the existing short-term...

වරාය, නාවික සහ ගුවන්සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා පසුගිය දා (19) ශ්‍රී ලංකා සිවිල් ගුවන්සේවා අධිකාරියේ නිරික්ෂණ චාරිකාවකට එක්විය.

මෙහිදී අධිකාරියේ අධ්‍යක්ෂ මණ්ඩලය හා ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සමගින් ගුවන්සේවා කර්මාන්තයේ උන්නතිය වෙනුවෙන් රජයේ ඉදිරි වැඩපිළිවෙල සහ ජාතික ආර්ථිකය සවිමත් කිරීම උදෙසා ගුවන්සේවා කර්මාන්තය උපයෝගී කරගත හැකි ආකාරය පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡාවක නිරත විය. ශ්‍රී ලංකාවේ ගුවන්සේවා නියාමන ආයතනය ලෙස මෙම කටයුත්තේ දී ශ්‍රී ලංකා සිවිල් ගුවන්සේවා අධිකාරිය, ගුවන්සේවා කර්මාන්තයට හා සම්බන්ධ සෙසු ආයතන සමගින් එක්ව කඩිනම් වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන ලෙස ද අමාත්‍යවරයා මෙහිදී උපදෙස් ලබාදෙන ලදි.

උද්ගතව ඇති ආර්ථික තත්වය හමුවේ යම් පසුබෑමකට ලක්ව ඇති සංචාරක කර්මාන්තය යලි නගා සිටුවීම වෙනුවෙන් ගුවන්සේවා කර්මාන්තයට ඉටුකල හැකි කාර්යභාරය පිළිබඳව මෙහිදී ඉහළ අවධානයක් යොමුවූ අතර ගුවන්යානා ඉන්දන ක්‍රමවත්ව නිකුත් කිරීම ආරම්භ කිරීමෙන් පසු මෙරටට මගී ප්‍රවාහන ගුවන් ගමන් වාර ක්‍රියාත්මක කරන විදේශිය ගුවන් සමාගම් යලි සුපුරුදු රිද්මයට ගුවන් ප්‍රවාහන සේවා ක්‍රියාත්මක කරනු ඇති බව මෙහිදී සිවිල් ගුවන්සේවා අධ්‍යක්ෂ ජනරාල් සහ ප්‍රධාන විධායක නිලධාරි පී. ඒ. ජයකාන්ත මහතා පෙන්වා දුන්නේ ය.

එමෙන්ම ගුවන්සේවා පුහුණු කටයුතු සඳහා මෙරටට පැමිනෙන විදේශීය සිසුනට අවශ්‍ය පහසුකම් සහ සහතික කිරීම කඩිනම් කිරීමේ අවශ්‍යතාවය අමාත්‍යවරයා පෙන්වා දුන්නේ ය.

ශ්‍රී ලංකා ගුවන් අවකාශය භාවිතා කරන විදේශීය ගුවන් සමාගම් වලට අයත් ගුවන් යානා සඳහා ගුවන් සංතරණ සේවා සැපයීම වෙනුවෙන් අයකරනු ලබන සේවා ගාස්තු ඉහළ දැමීම සඳහා අවශ්‍ය යෝජනාවන් කඩිනමින් රේඛීය අමාත්‍යාංශය හරහා කැබිනට් මණ්ඩලයේ අනුමැතිය සඳහා ඉදිරිපත් කරන ලෙසට ද උපදෙස් ලබාදෙන ලදි.

වරාය, නාවික සහ ගුවන්සේවා අමාත්‍යාංශයේ අතිරේක ලේකම් සුනිල් ගුණවර්ධන, ශ්‍රී ලංකා සිවිල් ගුවන්සේවා අධිකාරියේ සභාපති උපුල් ධර්මදාස, උප සභාපති ජී. එස්. විතානගේ යන මහත්වරුන් ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් ද මෙම අවස්ථාවට එක්විය.

එහිදී කැබිනට් මණ්ඩලය විසින් අභිනවයෙන් පත් කරන ලද නව අධ්‍යක්ෂ ජනරාල් පී. ඒ. ජයකාන්ත මහතා වෙත පත්වීම් ලිපිය ප්‍රදානය කිරීම ද සිදුවිය.

ඡායාරූපය -

නව සිවිල් ගුවන්සේවා අධ්‍යක්ෂ ජනරාල් සහ ප්‍රධාන විධායක නිලධාරී පී. ඒ. ජයකාන්ත මහතා වෙත පත්වීම් ලිපිය අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මැතිතුමා විසින් ප්‍රදානය කල අවස්ථාව, ශ්‍රී ලංකා සිවිල් ගුවන්සේවා අධිකාරියේ සභාපති උපුල් ධර්මදාස, උප සභාපති ජී. එස්. විතානගේ යන මහත්වරුන් ද මෙම අවස්ථාවට එක්විය.

 

ශ්‍රී ලංකා සිවිල් ගුවන්සේවා අධිකාරියේ නව අධ්‍යක්ෂ ජනරාල් සහ ප්‍රධාන විධායක නිලධාරී ලෙස, වත්මන් සිවිල් ගුවන්සේවා අතිරේක අධ්‍යක්ෂ ජනරාල් ධූරය හොබවන පී. ඒ. ජයකාන්ත මහතා කැබිනට් මණ්ඩලය විසින් පත්කොට ඇත.

කොළඹ විශ්ව විද්‍යාලයේ ආර්ථීක විද්‍යාව පිළිබඳ විශේෂවේදී උපාධිධරයෙකු වන ඒ මහතා ආර්ථික විද්‍යාව පිළිබඳ පශ්චාත් උපාධිය ලබාගෙන ඇත්තේ කැලණිය විශ්ව විද්‍යාලයෙනි.

ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ හා ශ්‍රීලංකන් ගුවන් සේවයේ වසර ගනනාවක් සේවය කරමින් ගුවන්සේවා ක්ෂේත්‍රය පිළිබඳ අත්දැකීම් ලබා ඇති නව අධ්‍යක්ෂ ජනරාල්වරයා, 2004 වසරේ දී ජ්‍යෙෂ්ඨ සිවිල් ගුවන්සේවා පරික්ෂකවරයෙකු ලෙස ශ්‍රී ලංකා සිවිල් ගුවන්සේවා අධිකාරියට එක්වූ අතර ගුවන්සේවා ආරක්ෂක අංශයේ අධ්‍යක්ෂවරයා ලෙස ද අනතුරුව නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (ගුවන්සේවා ආරක්ෂක රෙගුලාසි) තනතුර දක්වා ද උසස්වීම් ලැබ වත්මන් තනතුරට පත්වන තෙක් සිවිල් ගුවන්සේවා අතිරේක අධ්‍යක්ෂ ජනරාල් ලෙස කටයුතු කරමින් සිටියේ ය.

ජාත්‍යන්තර සිවිල් ගුවන්සේවා සංවිධානය මගින් තෝරා පත්කරනු ලබන සිවිල් ගුවන්සේවා ආරක්ෂාව පිළිබඳව විද්වත් විගණන පරික්ෂක මණ්ඩලයේ සාමාජිකයෙකු ලෙස ද 2010 වසරේ සිට කටයුතු කරන ඒ මහතා මෙම විද්වත් විගණන පරික්ෂක මණ්ඩලයට පත්වූ ප්‍රථම සහ එකම ශ්‍රීලාංකිකයා ද වෙයි.

ජාත්‍යන්තර සිවිල් ගුවන්සේවා සංවිධානය මගින් සාමාජික රටවල සිවිල් ගුවන්සේවා ආරක්ෂාව සම්බන්ධයෙන් පැවැත්වූ විගණන ගනනාවකට සම්බන්ධ වී ඇති මෙතුමා ඒ තුලින් ලබාගත් අත්දැකීම් හා සිය දැනුම ශ්‍රී ලංකා සිවිල් ගුවන්සේවා ක්ෂේත්‍රයේ අනාගත අභිවෘද්ධි වෙනුවෙන් අඛණ්ඩව ලබාදෙමින් සිටී. මේ හේතුවෙන් ශ්‍රී ලංකාවේ සිවිල් ගුවන්සේවා ආරක්ෂක විගණනයන් හි තත්වය මෙන්ම ගුවන් නිරුපද්‍රිතතාවය ද ජාත්‍යන්තරය හමුවේ ඉහළ දැමීමට හැකියාව ලැබී ඇත.

මෙයට අමතරව කොවිඩ් 19 රෝග වසංගතය හමුවේ ගුවන්තොටුපොළ ආරක්ෂක මෙහෙයුම් කටයුතු වෙනුවෙන් අවශ්‍ය නව තාක්ෂණික ක්‍රමවේදයන් හඳුන්වාදෙමින් ඒ සඳහා අවශ්‍ය තාක්ෂණීක උපාංග සහ මෙවලම් යෙදවීමටත්, ගුවන්යානා පැහැරගැනීම් අවස්ථාවලදි ප්‍රාණඇපකරුවන් මුදාගැනීම සඳහා වූ පුහුණු නිළධාරීන් කණ්ඩායමක් ආරක්ෂක අමාත්‍යාංශය සමග එක්ව සහතික කිරීමට ද පුරෝගාමීව කටයුතු කර ඇති අතර සිවිල් ගුවන්සේවා ආරක්ෂාව පිළිබඳව ජාතික වැඩපිළිවෙලක් සකස් කිරීමට ද එතුමන් පුරෝගාමී මෙහෙවරක නිරතව ඇත.

The 77th International Civil Aviation Day was celebrated under the patronage of His Excellency President Gotabaya Rajapaksa on 23rd December 2021 at the auditorium of Civil Aviation Authority of Sri Lanka (CAASL). 

The President Gotabaya Rajapaksa visited the exhibition which showcased the creations made by the innovators of civil Aviation and the President awards to five seniors in the field of civil aviation in recognition of their contribution to the advancement of the civil aviation sector and to three students symbolizing a thousand students which won a competition organized by the Civil Aviation Promotion Unit by the CAASL via online in the period of school closures due to the COVID-19 pandemic as well as several individuals representing various field of civil aviation.

Hon. Minister of Tourism, Prasanna Ranatunga, Hon. State Minister of Civil Aviation & Export Zone Development, D.V. Chanaka, Chairman of CAASL Mr. Upul Darmadasa, Vice Chairman of CAASL Mr. Amitha Wijayasuriya, Director General of Civil Aviation & Chief Executive Officer Capt. Themiya Abeywickrama, Board Members of CAASL were presented to this occasion.

 

පොසොන් පුන් පොහෝ දිනය තේමා කරගනිමින්, ශ්‍රී ලංකා සිවිල් ගුවන්සේවා අධිකාරියේ, සිවිල් ගුවන්සේවා ක්‍රීඩා හා සුභසාධක සංගමය විසින් පළමු වරට සංවිධානය කරන ලද, "පොසොන් සීල භාවනා - 2022" වැඩසටහන පොසොන් පොහෝ දින (ජුනි 14) සාර්ථකව පැවැත්වන ලදි.

සිවිල් ගුවන්සේවා හා සුභසාධක සංගමයේ සාමාජික සාමාජිකාවන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජික සාමාජිකාවන් සහභාගී වූ මෙම වැඩසටහනෙහි සීල සමාදන් කරවීම සහ උදෑසන සම්බුද්ධ පූජාව පැවැත්වීම කටුනායක බෝධිරතනාරාම විහාරස්ථානයේ විහාරාධිපති ශ්‍යමරාජ විද්‍යාපති, විශේෂ ශාස්ත්‍රවේදී පූජ්‍ය අමන්දොළුවේ ධම්මරථන ස්වාමීන් වහන්සේ විසින් ද, ධර්ම දේශණය සහ දහවල් සම්බුද්ධ පූජාව මාලේවන, පාදාගොඩ ජනනන්දනාරාමයේ විහාරාධිපති පූජ්‍ය හංවැල්ලේ මේධංකර ස්වාමීන් වහන්සේ විසින් ද සිදුකරන ලදි.

සවස පැවති ධර්මය පිළිබඳ විද්වත් කථිකාවත සඳහා නීතිඥ අජිත් ධර්මප්‍රේම මහතා ඇතුළු දේශක කණ්ඩායමක් සම්පත් දායකත්වය සපයන ලද අතර "පොසොන් සීල භාවනා - 2022" වැඩසටහන ශ්‍රී ලංකා සිවිල් ගුවන්සේවා අධිකාරියේ නිල වෙබ් අඩවිය සහ ෆේස්බුක් පිටුව ඔස්සේ සජීවීව විකාශය කරන ලදි.

 

The Newly Minister of Ports, Shipping & Aviation Services, Hon. Nimal Siripala De Silva visited the Civil Aviation Authority of Sri Lanka (CAASL) and had discussions with Mr. Upul Dharmadasa, Chairman of CAASL, Capt. Themiya Abeywickrama, Director General of Civil Aviation & Chief Executive Officer, Mr. Amitha Wijesuriya, Vice Chairman of CAASL, Board of Directors and other Senior Officials. The Discussions were on the immediate and future work plans of the Authority and the Industry. 

The new Secretary of the Ministry Mr. K D S Ruwanchandra and other senior officials also were present at the discussions.