පුවත් සංග්‍රහ

U.S. Embassy Delegation Pays Courtesy Call on Director Gener...

අගෝස්තු 25 2026

A delegation from the U.S. Embassy in Sri Lanka paid...

Mr. O. R. Rajasinghe Assumes Duties as Chairman of the Civil...

අගෝස්තු 25 2026

Mr. O. R. Rajasinghe officially assumed duties today (25) as...

ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා ආරක්ෂක කටයුතු ජාත්‍යන්තර සිවිල් ගුවන් සේවා ප්‍රමිතීන්ට අනුකූලව පවත්වාගෙන යනු වස් සිවිල් ගුවන් සේවා අධ්‍යක්ෂක ජනරාල් හා ප්‍රධාන විධායක නිලධාරී  පී.ඒ. ජයකාන්ත මැතිතුමාගේ ඉල්ලීම මත එක්සත් රාජධානියේ ලියාපදිංචි, ඇමරිකා එක්සත් ජනපදයේ මුදල් ප්‍රතිපාදන මත දැනට ශ්‍රී ලංකාවේ කටයුතු කරන මයින්ස්  අඩ්වයිසරි ගෘරූප් ආයතනය මගින් ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුව නිෂ්පාදනය කරන ලද අවි ගබඩා කිරීමේ කැබිනට්ටු දෙකක් (02) සිවිල් ගුවන් සේවා අධිකාරිය වෙත 14.12.2023 දින පරිත්‍යාග කරන ලදී.

මෙම අවි ගබඩා කිරීමේ කැබිනට්ටු දෙක (02) සිවිල් ගුවන් සේවා  අධ්‍යක්ෂක ජනරාල් හා ප්‍රධාන විධායක නිලධාරී පී.ඒ. ජයකාන්ත මහතා  විසින් ගුවන් තොටුපොල හා ගුවන් සේවා සමාගමේ සභාපති අතුල ගල්කැටිය මහතා වෙත හා බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොලට අනුයුක්ත ශ්‍රී ලංකා ගුවන් හමුදා කඳවුරේ අණදෙන නිලධාරී ජී.එස්.එන්. ප්‍රියදර්ශන මහතා වෙත 15.12.2023 දින සිවිල් ගුවන් සේවා අධිකාරියේදී නිල වශයෙන් ලිඛිතව භාරදෙන ලදී.

මෙම අවි ගබඩා කිරීමේ කැබිනට්ටු දෙක (02) බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොලේ අධිඅරක්ෂිත කලාපය තුල සිවිල් ගුවන් සේවා ආරක්ෂක කටයුතු සදහා භාවිතා කරන අවි ආයුධ ගබඩා කිරීම සදහා යොදා ගන්නා ලෙස සිවිල් ගුවන් සේවා  අධ්‍යක්ෂක ජනරාල් හා ප්‍රධාන විධායක නිලධාරීතුමා විසින් උපදෙස් ලබා දෙන ලදි.