News Feeds

නිරුපද්‍රිත අහසක්... ඔබේත් වගකීමකි...

17 July 2026

ශ්‍රී ලංකා සිවිල් ගුවන්සේවා අධිකාරිය (Civil Aviation Authority of Sri...

CAASL Inspires Future Aviation Professionals through NGAP Av...

14 July 2026

The Civil Aviation Authority of Sri Lanka (CAASL) successfully conducted...

ශ්‍රී ලංකා සිවිල් ගුවන්සේවා අධිකාරියේ උප සභාපති  ජී. එස්. විතානගේ මහතා අද (18) දින නව සභාපතිවරයා ලෙස වැඩභාරගන්නා ලදි.

කොළඹ ආනන්ද විද්‍යාලයේ ආදි ශීෂ්‍යයෙකු වන ඒ මහතා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපාධිධරයෙකු වන අතර කොළඹ විශ්වවිද්‍යාලයෙන් ව්‍යාපාර පරිපාලනය පිළිබඳ පශ්චාත් උපාධිය ලබා ඇත.

1984 වසරේ දී රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ සහකාර අධ්‍යක්ෂකවරයෙකු ලෙස රාජ්‍ය සේවයට එක්වන ඒ මහතා ලංකා සීනි සංස්ථාව, රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශය, ජනමාධ්‍ය, සංචාරක, ගුවන්සේවා, ප්‍රවාහන සහ මහාමාර්ග යන දෙපාර්තමේන්තු හා අමාත්‍යාංශ රැසක සේවය කර ඇති ඒ මහතා පුනරුත්ථාපන, බන්ධනාගාර සහ නැවත පදිංචිකිරීම්, විදේශ රැකියා, ප්‍රවාහන සහ සිවිල් ගුවන්සේවා යන අමාත්‍යාංශ වල  ලේකම්වරයෙක් ලෙස ද ශ්‍රීලංකන් ගුවන් සේවය හා ලංකා ඛණිජතෙල් නීතිගත සංස්ථාව යන ආයතන වල සභාපතිවරයෙක් ලෙසත් කොමිසන් සභා කිහිපයක සභාපතිවරයෙක් ලෙසත් උසස් නිලතල හොබවමින් රාජ්‍ය ආයතන රැසක වසර 37 කට  අධික දීර්ඝ කාලීන අත්දැකීම් ලබාඇති කීර්තිමක් රාජ්‍ය නිලධාරියෙකු ලෙස කටයුතු කර ඇත.

ඒ මහතා පත්වන්නේ ශ්‍රී සිවිල් ගුවන්සේවා අධිකාරියේ අටවන සභාපතිවරයා ලෙසයි.

ශ්‍රී ලංකා සිවිල් ගුවන්සේවා අධිකාරියේ සභාපතිවරයා ලෙස කටයුතු කල උපුල් ධර්මදාස මහතාගේ තෙවසරක සේවා කාලය නිමවීමෙන් පසු වරාය, නාවික සහ ගුවන්සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මැතිතුමා විසින් මෙම නව පත්වීම සිදුකර ඇත.

නව සභාපතිවරයා වැඩභාරගැනීමේ අවස්ථාවට වරාය, නාවික සහ ගුවන්සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මැතිතුමන්, අමාත්‍යාංශ ලේකම් කේ. ඩී. එස්. රුවන්චන්ද්‍ර, සිවිල් ගුවන්සේවා අධ්‍යක්ෂ ජනරාල් සහ ප්‍රධාන විධායක නිලධාරි පී. ඒ. ජයකාන්ත, අමාත්‍යතුමන්ගේ පෞද්ගලික ලේකම් නීතිඥ අකිල ගයාන්, අමාත්‍යතුමන්ගේ උපදේශක ඒ. ද ඩී. එස්. ඉන්ද්‍රසේකර, ශ්‍රී ලංකා සිවිල් ගුවන්සේවා අධිකාරියේ විධායක නිලධාරීන් ඇතුළු කාර්යමණ්ඩලය ද එක්විය.