මගේ ඩ්‍රෝන යානාව සිවිල් ගුවන් සේවා අධිකාරිය සමග ලියාපදිංචි කල යුතුද?
දත්ත එක් රැස් කිරීමේ උපකරණ (උදා: කැමරා) සවි නොකල බර ග්‍රෑම් 200 හෝ ඊට අඩු ඩ්‍රෝන යානා හැර අනෙකුත් සියළුම ඩ්‍රෝන යානා ලියාපදිංචි කල යුතුය.
සි.ගු.සේ. අධිකාරිය සමග ඩ්‍රෝන යානා ලියාපදිංචි කරන්නේ කෙසේද?
පෝරම අංක CAA/AU/016 පුරවා This email address is being protected from spambots. You need JavaScript enabled to view it. වෙත ඊමේල් කරන්න.
මගේ ඩ්‍රෝන යානාවේ බර ග්‍රෑම් 200 කි. එය ලියාපදිංචි කල යුතුද?
එහි දත්ත එක්රැස් කිරීමේ උපකරණයක් (උදා: කැමරා) සවිකර ඇත්නම් එය ලියාපදිංචි කල යුතු වේ.
අවසර පත්‍රයක් නොමැතිව ඩ්‍රෝන යානාවක් ගුවන් ගත කල හැකිද?
පහත අවස්ථා සියල්ලම සම්පූර්ණ කරන්නේ නම් අවසර පත්‍රයක් නොමැතිව ගුවන් ගත කල හැකිය.
- බර ග්‍රෑම් 200 ට අඩු නම්,
- දත්ත රැස් කිරීමේ උපකරණ (උදා: කැමරා) සවිකර නොමැති නම්,
- තමන්ගේ ස්ථානයක හෝ ස්ථානයේ හිමිකරුගේ අවසරය ඇතිනම්,
- පොළවේ සිට අඩි 150 පහළින් ගුවන්ගත කල හැකිය.
මගේ ඩ්‍රෝන යානාව සි.ගු.සේ. අධිකාරිය සමග ලියාපදිංචි කර ඇත. එය විනෝදය සඳහා ගුවන් ගත කරන විටත් අවසරයක් ලබාගත යුතුද?
ඔව්. ඩ්‍රෝන යානාව යොදා ගන්නා කාර්ය කුමක් වුවත් ගුවන් ගත කිරීමට පෙර අවසර පතක් ලබා ගත යුතුය.
ඩ්‍රෝන යානාවක් ගුවන් ගත කිරීම සඳහා අනුමැතිය ලබා ගන්නේ කෙසේද?
පහත සඳහන් ලිපිගොනු සි.ගු.සේ. අධිකාරියට ඊමේල් මාර්ගයෙන් ඉදිරිපත් කිරීමෙන් පසු සි.ගු.සේ. අධිකාරිය මගින් අවසර පත්‍රයක් නිකුත් කරනු ලබයි.
- CAA/AU/016 පෝරමය
- ආරක්ෂක මාණ්ඩලික කාර්යාලය විසින් නිකුත් කරන ලද ආරක්ෂක නිශ්කාශය
- ඩ්‍රෝන යානාවේ රක්ෂණ ආවරණය
ආරක්ෂක මාණ්ඩලික කාර්යාලයේ ආරක්ශක නිශ්කාශන වාර්තාවක් සියළුම ස්ථාන සඳහා ලබා ගත යුතුද?
ඔව්. ආරක්ෂක අංශ සමග එකඟ වී ඇති පටිපාටියට අනුව සියළුම ස්ථාන සඳහා ලබා ගත යුතු වේ.
ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී කාර්යාලයෙන් නිකුත් කරන ලද ආරක්ශක නිශ්කාශන පත්‍රය පමණක් යොදා ගෙන ඩ්‍රෝන යානා ගුවන් ගත කල හැකිද?
නැත. සි.ගු.සේ. අධිකාරිය මගින් නිකුත් කරන ගුවන් අවකාශ අවසර පත්‍රය ලබාගත යුතුය.
සි.ගු.සේ. අධිකාරියෙන් ලබාගත් අවසර පතේ නොමැති ස්ථානයක ගුවන් ගත කිරීමට අවශ්‍ය වුවහොත් කුමක් කල යුතුද?
එම නව ස්ථානය සඳහා නව අවසර පත්‍රයක් ලබාගත යුතුය.
ඩ්‍රෝන යානාවක් ගුවන් ගත කල හැකි උපරිම උස කොපමණද?
පොළවේ සිට අඩි 150 දක්වා පමණි. කෙසේ වෙතත් විශේෂ අවශ්‍යතාවයන් සඳහා අඩි 150 ට වඩා ඉහළට ගැනීමට විශේෂ අවසරයක් ලබා ගත හැකිය.
ඩ්‍රෝන යානාව සඳහා රක්ෂණ ආවරණයක් තිබිය යුතුද?
ඔව්. තුන්වන පාර්ශවයට සිදුවන හානිය ආවරණය වන රක්ෂණ ආවරණයක් තිබිය යුතුය.
ගුවන් තොටුපලක් ආසන්නයේ ඩ්‍රෝන ගුවන් ගත කල හැකිද?
ඩ්‍රෝන යාපනය ගුවන්ගත කිරීමට ප්‍රථම ගුවන් තොටුපලේ කැමැත්ත සහිත ලියවිල්ලක් සමග ඉහත අංක 6 හි සඳහන් ලේඛණ ඉදිරිපත් කිරීමෙන් පසු සි.ගු.සේ. අධිකාරියෙන් අවසර ලබා ගත හැකිය.
ගොඩනැගිල්ලක් මත සිට ඩ්‍රෝනයානා ගුවන් ගත කල හැකිද?
ගොඩනැගිලි/ වහල මුදුන හෝ උස් ස්ථාන හෝ උපකරණ මත සිට ඩ්‍රෝන ගුවන් ගත කල නොහැක.
කෙසේ වෙතත් විශේෂ අවස්ථාවන් සඳහා විශේෂ අවසර ලබා ගත හැකි.
ගමන් ගන්නා වාහනයක් මත සිට ඩ්‍රෝන යානා ගුවන් ගත කල හැකිද?
ගමන් ගන්නා වාහන හෝ වේදිකා මත සිට ඩ්‍රෝන යානා ගුවන් ගත කල නොහැක. කෙසේ වෙතත් විශේෂ අවස්ථා සඳහා විශේෂ අවසර පත්‍රයක් ලබා ගත හැක.