පුවත් සංග්‍රහ

CAASL has successfully organized this comprehensive Regulato...

මැයි 06 2026

The Civil Aviation Authority of Sri Lanka is pleased to...

CAASL Staff Awareness on Artificial Intelligence

මැයි 05 2026

Artificial Intelligence (AI) is a technology that enables computers and...

ශ්‍රී ලංකාවේ සභාපතීත්වය යටතේ ජාත්‍යන්තර ගුවන්සේවා සමුළුවක් ඉන්දියාවේ දී ඇරඹෙයි

දකුණු ආසියානු රටවල ගුවන් නිරුපද්‍රිතතාවය වර්ධනය කිරීම උදෙසා පිහිටුවා ගනු ලැබූ COSCAP - South Asia (Cooperative Development of Operational Safety and Continuing Airworthiness Program – South Asia) සංවිධානයේ 32 වන සමුළුව අද (22) ඉන්දියාවේ නව දිල්ලි හි දී ආරම්භ විය.

සිවිල් ගුවන්සේවා අධ්‍යක්ෂ ජනරාල් සහ ප්‍රධාන විධායක නිලධාරී විශ්‍රාමික එයාර් වයිස් මාර්ෂල් සාගර කොටකදෙණිය මහතාගේ සභාපතිත්වය යටතේ අප්‍රේල් 25 දින දක්වා මෙවර සමුළුව පැවැත්වේ.

පසුගිය වසරේ භූතානයේ පාරෝ හි දී පැවති 31 වන සැසි වාරයේ දී ඉදිරි දෙවසරක කාලය සඳහා COSCAP - SA වැඩසටහනෙහි සභාපතීත්වය ශ්‍රී ලංකාවට හිමිවිය.

1997 වසරේ ආරම්භ වූ මෙම COSCAP - SA වැඩසටහන, දකුණු ආසියානු කලාපීය ගුවන්සේවා නිරුපද්‍රිතතාවය ආරක්ෂා කිරීම සඳහා සුවිශේෂී කාර්යභාරයක් ඉටුකරමින් සිටින අතර විවිධ හේතූන් හමුවේ ගෝලීය සහ කලාපීය වශයෙන් පසුගිය වසර වල ගුවන්සේවා කර්මාන්තය මුහුණ දුන් තත්ත්වයන් පහව යාමත් සමගින් යලි සුපුරුදු රිද්මය කරා ගුවන් ප්‍රවාහන ක්ෂේත්‍රය පැමිනෙමින් තිබෙන මෙම වකවානුවේ, එම කර්මාන්තයේ නිරුපද්‍රිතතාවය සහ ආරක්ෂාව තරදුරටත් තහවුරු කරමින් කලාපීය වශයෙන් තවදුරටත් ඉහළට ඔසවා තැබීමේ හැකියාව පිළිබඳව මෙවර සමුළුවේ දී ඉහළ අවධානයන් යොමුකරනු ඇත.

දකුණු ආසියානු කලාපයේ සාමාජික රටවලට අමතරව ගුවන් යානා නිෂ්පාදක සමාගම් මෙන්ම ජාත්‍යන්තර නියාමන සහ පාර්ශවකාර ආයතන රැසක නියෝජිතයන් පිරිසක් තෙදිනක් පුරා නව දිල්ලි නුවර දී පැවැත්වෙන මෙම සමුළුව සඳහා සහභාගී වන අතර මෙවර සමුළුවෙහි සත්කාරකත්වය දරනු ලැබූයේ ඉන්දියාව යි.