News Feeds

CAASL Chief Named Asia-Pacific Aviation Security Chair

09 June 2026

Sri Lanka has secured a significant leadership role in regional...

we proudly commemorate 78 years since Sri Lanka became a mem...

02 June 2026

Today, we proudly commemorate 78 years since Sri Lanka became...

ශ්‍රී ලංකා සිවිල් ගුවන්සේවා අධිකාරියේ නව අධ්‍යක්ෂ ජනරාල් සහ ප්‍රධාන විධායක නිලධාරී ලෙස, වත්මන් සිවිල් ගුවන්සේවා අතිරේක අධ්‍යක්ෂ ජනරාල් ධූරය හොබවන පී. ඒ. ජයකාන්ත මහතා කැබිනට් මණ්ඩලය විසින් පත්කොට ඇත.

කොළඹ විශ්ව විද්‍යාලයේ ආර්ථීක විද්‍යාව පිළිබඳ විශේෂවේදී උපාධිධරයෙකු වන ඒ මහතා ආර්ථික විද්‍යාව පිළිබඳ පශ්චාත් උපාධිය ලබාගෙන ඇත්තේ කැලණිය විශ්ව විද්‍යාලයෙනි.

ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ හා ශ්‍රීලංකන් ගුවන් සේවයේ වසර ගනනාවක් සේවය කරමින් ගුවන්සේවා ක්ෂේත්‍රය පිළිබඳ අත්දැකීම් ලබා ඇති නව අධ්‍යක්ෂ ජනරාල්වරයා, 2004 වසරේ දී ජ්‍යෙෂ්ඨ සිවිල් ගුවන්සේවා පරික්ෂකවරයෙකු ලෙස ශ්‍රී ලංකා සිවිල් ගුවන්සේවා අධිකාරියට එක්වූ අතර ගුවන්සේවා ආරක්ෂක අංශයේ අධ්‍යක්ෂවරයා ලෙස ද අනතුරුව නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (ගුවන්සේවා ආරක්ෂක රෙගුලාසි) තනතුර දක්වා ද උසස්වීම් ලැබ වත්මන් තනතුරට පත්වන තෙක් සිවිල් ගුවන්සේවා අතිරේක අධ්‍යක්ෂ ජනරාල් ලෙස කටයුතු කරමින් සිටියේ ය.

ජාත්‍යන්තර සිවිල් ගුවන්සේවා සංවිධානය මගින් තෝරා පත්කරනු ලබන සිවිල් ගුවන්සේවා ආරක්ෂාව පිළිබඳව විද්වත් විගණන පරික්ෂක මණ්ඩලයේ සාමාජිකයෙකු ලෙස ද 2010 වසරේ සිට කටයුතු කරන ඒ මහතා මෙම විද්වත් විගණන පරික්ෂක මණ්ඩලයට පත්වූ ප්‍රථම සහ එකම ශ්‍රීලාංකිකයා ද වෙයි.

ජාත්‍යන්තර සිවිල් ගුවන්සේවා සංවිධානය මගින් සාමාජික රටවල සිවිල් ගුවන්සේවා ආරක්ෂාව සම්බන්ධයෙන් පැවැත්වූ විගණන ගනනාවකට සම්බන්ධ වී ඇති මෙතුමා ඒ තුලින් ලබාගත් අත්දැකීම් හා සිය දැනුම ශ්‍රී ලංකා සිවිල් ගුවන්සේවා ක්ෂේත්‍රයේ අනාගත අභිවෘද්ධි වෙනුවෙන් අඛණ්ඩව ලබාදෙමින් සිටී. මේ හේතුවෙන් ශ්‍රී ලංකාවේ සිවිල් ගුවන්සේවා ආරක්ෂක විගණනයන් හි තත්වය මෙන්ම ගුවන් නිරුපද්‍රිතතාවය ද ජාත්‍යන්තරය හමුවේ ඉහළ දැමීමට හැකියාව ලැබී ඇත.

මෙයට අමතරව කොවිඩ් 19 රෝග වසංගතය හමුවේ ගුවන්තොටුපොළ ආරක්ෂක මෙහෙයුම් කටයුතු වෙනුවෙන් අවශ්‍ය නව තාක්ෂණික ක්‍රමවේදයන් හඳුන්වාදෙමින් ඒ සඳහා අවශ්‍ය තාක්ෂණීක උපාංග සහ මෙවලම් යෙදවීමටත්, ගුවන්යානා පැහැරගැනීම් අවස්ථාවලදි ප්‍රාණඇපකරුවන් මුදාගැනීම සඳහා වූ පුහුණු නිළධාරීන් කණ්ඩායමක් ආරක්ෂක අමාත්‍යාංශය සමග එක්ව සහතික කිරීමට ද පුරෝගාමීව කටයුතු කර ඇති අතර සිවිල් ගුවන්සේවා ආරක්ෂාව පිළිබඳව ජාතික වැඩපිළිවෙලක් සකස් කිරීමට ද එතුමන් පුරෝගාමී මෙහෙවරක නිරතව ඇත.