News Feeds

CAASL Chief Named Asia-Pacific Aviation Security Chair

09 June 2026

Sri Lanka has secured a significant leadership role in regional...

we proudly commemorate 78 years since Sri Lanka became a mem...

02 June 2026

Today, we proudly commemorate 78 years since Sri Lanka became...

පසුගිය දෙසැම්බර් 30 දින කාර්යාල පරිශ්රය තුල විදුලි කාන්දුවක් හේතුවෙන් හටගත් හදිසි ගිනි තත්වය ක්ෂණිකව මැඩපැවැත්වීම වෙනුවෙන් කැපවී කටයුතු කල ආරක්ෂක අංශයේ නිලධාරීන් ඇගයීමට ලක්කිරීම සිදුවිය.
 
ආරක්ෂක නිලධාරීන්ගේ කැපවීම සහ අවබෝධයෙන් යුතුව සේවයේ නිරතව සිටීම හේතුවෙන් හදිසි තත්වය පාලනය කිරීමට හැකි වූ බැවින්, ආරක්ෂක කටයුතු අධීක්ෂණය භරව කටයුතු කරන අතිරේක අධ්යක්ෂ ජනරාල් පී. ඒ. ජයකාන්ත මහතාගේ නිර්දේශ මත මෙම සේවා ඇගයීමේ වැඩසටහන සංවිධානය කරන ලදි.
සිවිල් ගුවන්සේවා අධ්යක්ෂ ජනරාල් කපිතාන් තේමිය අබේවික්රම මහතා විසින් එදින සේවයේ නිරතව සිටි ආරක්ෂක අංශ නිලධාරීන් වෙත සේවා ඇගයීම් ලිපි සමගින් මූල්ය තිලිණ ප්රධානය කල අතර එම අවස්ථාවට අතිරේක අධ්යක්ෂ ජනරාල් පී. ඒ. ජයකාන්ත මහතා ද සහභාගී විය.