செய்தி ஊட்டங்கள்

DGCA Sri Lanka elected as the Chairman of COSCAP-SA

09 மே 2024

The 31st Steering Committee Meeting of COSCAP - South Asia...

Launching website of the new visa system from 16.04.2024

06 மே 2024

This serves to inform the public that the existing short-term...

 

ශ්‍රී ලංකා සිවිල් ගුවන්සේවා අධිකාරියේ උප සභාපති  ජී. එස්. විතානගේ මහතා අද (18) දින නව සභාපතිවරයා ලෙස වැඩභාරගන්නා ලදි.

කොළඹ ආනන්ද විද්‍යාලයේ ආදි ශීෂ්‍යයෙකු වන ඒ මහතා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපාධිධරයෙකු වන අතර කොළඹ විශ්වවිද්‍යාලයෙන් ව්‍යාපාර පරිපාලනය පිළිබඳ පශ්චාත් උපාධිය ලබා ඇත.

1984 වසරේ දී රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ සහකාර අධ්‍යක්ෂකවරයෙකු ලෙස රාජ්‍ය සේවයට එක්වන ඒ මහතා ලංකා සීනි සංස්ථාව, රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශය, ජනමාධ්‍ය, සංචාරක, ගුවන්සේවා, ප්‍රවාහන සහ මහාමාර්ග යන දෙපාර්තමේන්තු හා අමාත්‍යාංශ රැසක සේවය කර ඇති ඒ මහතා පුනරුත්ථාපන, බන්ධනාගාර සහ නැවත පදිංචිකිරීම්, විදේශ රැකියා, ප්‍රවාහන සහ සිවිල් ගුවන්සේවා යන අමාත්‍යාංශ වල  ලේකම්වරයෙක් ලෙස ද ශ්‍රීලංකන් ගුවන් සේවය හා ලංකා ඛණිජතෙල් නීතිගත සංස්ථාව යන ආයතන වල සභාපතිවරයෙක් ලෙසත් කොමිසන් සභා කිහිපයක සභාපතිවරයෙක් ලෙසත් උසස් නිලතල හොබවමින් රාජ්‍ය ආයතන රැසක වසර 37 කට  අධික දීර්ඝ කාලීන අත්දැකීම් ලබාඇති කීර්තිමක් රාජ්‍ය නිලධාරියෙකු ලෙස කටයුතු කර ඇත.

ඒ මහතා පත්වන්නේ ශ්‍රී සිවිල් ගුවන්සේවා අධිකාරියේ අටවන සභාපතිවරයා ලෙසයි.

ශ්‍රී ලංකා සිවිල් ගුවන්සේවා අධිකාරියේ සභාපතිවරයා ලෙස කටයුතු කල උපුල් ධර්මදාස මහතාගේ තෙවසරක සේවා කාලය නිමවීමෙන් පසු වරාය, නාවික සහ ගුවන්සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මැතිතුමා විසින් මෙම නව පත්වීම සිදුකර ඇත.

නව සභාපතිවරයා වැඩභාරගැනීමේ අවස්ථාවට වරාය, නාවික සහ ගුවන්සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මැතිතුමන්, අමාත්‍යාංශ ලේකම් කේ. ඩී. එස්. රුවන්චන්ද්‍ර, සිවිල් ගුවන්සේවා අධ්‍යක්ෂ ජනරාල් සහ ප්‍රධාන විධායක නිලධාරි පී. ඒ. ජයකාන්ත, අමාත්‍යතුමන්ගේ පෞද්ගලික ලේකම් නීතිඥ අකිල ගයාන්, අමාත්‍යතුමන්ගේ උපදේශක ඒ. ද ඩී. එස්. ඉන්ද්‍රසේකර, ශ්‍රී ලංකා සිවිල් ගුවන්සේවා අධිකාරියේ විධායක නිලධාරීන් ඇතුළු කාර්යමණ්ඩලය ද එක්විය.

The Royal Thailand Ambassador in Sri Lanka, recently gifted a consignment of chemical protective clothing (CPC) to the Director General of Civil Aviation Authority for use by the civil aviation community who conduct preventive measures against the chemical hazards, commonly known as the last line of defense for chemical safety.

The Director General and Chief Executive Officer of the Civil Aviation Authority (CAASL), P A Jayakantha receiving the gift noted that “This goodwill gesture brings more closer relationship enjoyed between Thailand and Sri Lanka, besides the formal diplomatic connections and several bilateral agreements and diversified arrangements”. He welcomed and acknowledged the Thailand Ambassador POJ Harpnpol, accompanied by senior officials of Thailand embassy, personally visiting the CAASL Head Office at Katunayake to present the gift of chemical protective clothing (CPC).

The Ambassador, handing over the consignment to the senior management officials at CAASL spoke about the cultural and economic connections between both two countries for more than a century and touched on strengthening decades old bonds on TERAWADHA BUDU DAHAMA.  The Ambassador, POJ Harpnpol placed his signature on the eminent visitors Golden Book by invitation of Upul Dharmadasa, the Chairman of the Civil Aviation Authority.

The senior officials of both the Royal Thailand Embassy in Sri Lanka and Civil Aviation Authority of Sri Lanka associated with the Chemical Protective Clothing (CPC) gifting ceremony.

වරාය, නාවික සහ ගුවන්සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා පසුගිය දා (19) ශ්‍රී ලංකා සිවිල් ගුවන්සේවා අධිකාරියේ නිරික්ෂණ චාරිකාවකට එක්විය.

මෙහිදී අධිකාරියේ අධ්‍යක්ෂ මණ්ඩලය හා ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සමගින් ගුවන්සේවා කර්මාන්තයේ උන්නතිය වෙනුවෙන් රජයේ ඉදිරි වැඩපිළිවෙල සහ ජාතික ආර්ථිකය සවිමත් කිරීම උදෙසා ගුවන්සේවා කර්මාන්තය උපයෝගී කරගත හැකි ආකාරය පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡාවක නිරත විය. ශ්‍රී ලංකාවේ ගුවන්සේවා නියාමන ආයතනය ලෙස මෙම කටයුත්තේ දී ශ්‍රී ලංකා සිවිල් ගුවන්සේවා අධිකාරිය, ගුවන්සේවා කර්මාන්තයට හා සම්බන්ධ සෙසු ආයතන සමගින් එක්ව කඩිනම් වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන ලෙස ද අමාත්‍යවරයා මෙහිදී උපදෙස් ලබාදෙන ලදි.

උද්ගතව ඇති ආර්ථික තත්වය හමුවේ යම් පසුබෑමකට ලක්ව ඇති සංචාරක කර්මාන්තය යලි නගා සිටුවීම වෙනුවෙන් ගුවන්සේවා කර්මාන්තයට ඉටුකල හැකි කාර්යභාරය පිළිබඳව මෙහිදී ඉහළ අවධානයක් යොමුවූ අතර ගුවන්යානා ඉන්දන ක්‍රමවත්ව නිකුත් කිරීම ආරම්භ කිරීමෙන් පසු මෙරටට මගී ප්‍රවාහන ගුවන් ගමන් වාර ක්‍රියාත්මක කරන විදේශිය ගුවන් සමාගම් යලි සුපුරුදු රිද්මයට ගුවන් ප්‍රවාහන සේවා ක්‍රියාත්මක කරනු ඇති බව මෙහිදී සිවිල් ගුවන්සේවා අධ්‍යක්ෂ ජනරාල් සහ ප්‍රධාන විධායක නිලධාරි පී. ඒ. ජයකාන්ත මහතා පෙන්වා දුන්නේ ය.

එමෙන්ම ගුවන්සේවා පුහුණු කටයුතු සඳහා මෙරටට පැමිනෙන විදේශීය සිසුනට අවශ්‍ය පහසුකම් සහ සහතික කිරීම කඩිනම් කිරීමේ අවශ්‍යතාවය අමාත්‍යවරයා පෙන්වා දුන්නේ ය.

ශ්‍රී ලංකා ගුවන් අවකාශය භාවිතා කරන විදේශීය ගුවන් සමාගම් වලට අයත් ගුවන් යානා සඳහා ගුවන් සංතරණ සේවා සැපයීම වෙනුවෙන් අයකරනු ලබන සේවා ගාස්තු ඉහළ දැමීම සඳහා අවශ්‍ය යෝජනාවන් කඩිනමින් රේඛීය අමාත්‍යාංශය හරහා කැබිනට් මණ්ඩලයේ අනුමැතිය සඳහා ඉදිරිපත් කරන ලෙසට ද උපදෙස් ලබාදෙන ලදි.

වරාය, නාවික සහ ගුවන්සේවා අමාත්‍යාංශයේ අතිරේක ලේකම් සුනිල් ගුණවර්ධන, ශ්‍රී ලංකා සිවිල් ගුවන්සේවා අධිකාරියේ සභාපති උපුල් ධර්මදාස, උප සභාපති ජී. එස්. විතානගේ යන මහත්වරුන් ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් ද මෙම අවස්ථාවට එක්විය.

එහිදී කැබිනට් මණ්ඩලය විසින් අභිනවයෙන් පත් කරන ලද නව අධ්‍යක්ෂ ජනරාල් පී. ඒ. ජයකාන්ත මහතා වෙත පත්වීම් ලිපිය ප්‍රදානය කිරීම ද සිදුවිය.

ඡායාරූපය -

නව සිවිල් ගුවන්සේවා අධ්‍යක්ෂ ජනරාල් සහ ප්‍රධාන විධායක නිලධාරී පී. ඒ. ජයකාන්ත මහතා වෙත පත්වීම් ලිපිය අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මැතිතුමා විසින් ප්‍රදානය කල අවස්ථාව, ශ්‍රී ලංකා සිවිල් ගුවන්සේවා අධිකාරියේ සභාපති උපුල් ධර්මදාස, උප සභාපති ජී. එස්. විතානගේ යන මහත්වරුන් ද මෙම අවස්ථාවට එක්විය.