செய்தி ஊட்டங்கள்

U.S. Embassy Delegation Pays Courtesy Call on Director Gener...

25 ஆகஸ்ட் 2026

A delegation from the U.S. Embassy in Sri Lanka paid...

Mr. O. R. Rajasinghe Assumes Duties as Chairman of the Civil...

25 ஆகஸ்ட் 2026

Mr. O. R. Rajasinghe officially assumed duties today (25) as...

ශ්‍රී ලංකා සිවිල් ගුවන්සේවා අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් සහ ප්‍රධාන විධායක නිලධාරී කපිතාන් දමින්ද රඹුක්වැල්ල මහතාගේ නායකත්වය යටතේ, ශ්‍රී ලංකා සිවිල් ගුවන්සේවා අධිකාරියේ ක්‍රීඩා හා සුබ සාධක සංගමය විසින් සංවිධානය කරන ලද සර්ව රාත්‍රික පිරිත් දේශනය හා හීල් දානමය පිංකම 2026 ජූලි 16, 17 දෙදින ශ්‍රී ලංකා සිවිල් ගුවන්සේවා අධිකාරි පරිශ්‍රයේදී භක්තිපූර්වකව පැවැත්විණි.

ආයතනයේ අභිවෘද්ධිය, සේවක මහත්ම මහත්මීන්ගේ සෙත් ශාන්තිය මෙන්ම ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජයේ අතිගරු ජනාධිපතිතුමා ඇතුළු සමස්ත ශ්‍රී ලාංකික ජනතාවටත්, ලෝකවාසීන්ටත් සාමය, සෙත් සහ සෞභාග්‍ය ප්‍රාර්ථනා කරමින් මෙම පුණ්‍යකර්මය සංවිධානය කර තිබුණි.

2026 ජූලි 17 (අද) දින උදෑසන මහා සංඝරත්නය උදෙසා හීල් දානමය පිංකම ද පවත්වන ලද අතර, ඒ සඳහා අධ්‍යක්ෂ ජනරාල් සහ ප්‍රධාන විධායක නිලධාරී කපිතාන් දමින්ද රඹුක්වැල්ල මහතා ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ සේවක මහත්ම මහත්මීන් මෙම අවස්ථාවට සහභාගී වූහ.

මෙම පුණ්‍යකර්මය ගරු වරාය, සිවිල් ගුවන් සේවා හා බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක මැතිතුමා, වරාය හා සිවිල් ගුවන් සේවා නියෝජ්‍ය අමාත්‍ය ජනිත රුවන් කොඩිතුවක්කු මැතිතුමා සහ වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශයේ ලේකම් ඩබ්ලිව්. ඩබ්ලිව්. එස්. මංගල මහතාගේ පූර්ණ සහයෝගය මධ්‍යයේ සාර්ථකව සංවිධානය කෙරිණි.

මෙම පුණ්‍යකර්මය සාර්ථක කර ගැනීම සඳහා ක්‍රීඩා හා සුබ සාධක සංගමයේ ගරු අනුශාසකතුමන්ගේ සහ ගරු සභාපතිතුමන්ගේ මඟපෙන්වීම යටතේ ක්‍රීඩා හා සුබ සාධක සංගමයේ විධායක කමිටු සාමාජිකයින්, සිවිල් ගුවන්සේවා වෘත්තීය සේවක සංගමයේ සාමාජිකයින්, අබාන්ස් ආයතනය, FMI කාර්ය මණ්ඩලය සහ ආයතනයේ සේවක මහත්ම මහත්මීන් ඇතුළු විශාල පිරිසක් මූල්‍යමය, ද්‍රව්‍යමය හා ශ්‍රම දායකත්වය ලබා දෙමින් සිය දායකත්වය ලබා දුන්හ.

මෙම ආගමික වැඩසටහන මඟින් ආයතනය තුළ එකමුතුකම, සහයෝගීතාව සහ සදාචාරාත්මක වටිනාකම් තවදුරටත් වර්ධනය කරමින් සියලු දෙනාට ආශීර්වාද රැසක් උදා කර දෙන පුණ්‍යෝත්සවයක් බවට පත්විය.

 

ශ්‍රී ලංකා සිවිල් ගුවන්සේවා අධිකාරිය (Civil Aviation Authority of Sri Lanka සහ ගුවන්තොටුපළ හා ගුවන් සේවා (ශ්‍රී ලංකා) (පුද්ගලික) සමාගම (Airport & Aviation Services (Sri Lanka) (Private) Limited විසින් ගුවන්තොටුපළ, ගුවන්යානා ගුවන්ගත වීමේ හා ගොඩබෑමේ මාර්ග (Approach and Departure Flight Paths) ආශ්‍රිත ප්‍රදේශවල සරුංගල් පියාසර කිරීමෙන් වළකින ලෙස මහජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටී.

පසුගියදා රත්මලාන, කොළඹ ජාත්‍යන්තර ගුවන් තොටුපළෙන් පුහුණු ගුවන් ගමනක නිරත වූ ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් ගුවන් යානයක් සරුංගල් නූල්වල පැටලීමේ සිද්ධියක් වාර්තා වූ අතර, එම සිදුවීම මඟින් සරුංගල් සහ සරුංගල් නූල් ගුවන් යානාවේ නිරුපද්‍රිතතාවයට ඇති කළ හැකි බරපතළ අවදානම නැවතත් අවධාරණය වී ඇත.

සරුංගල් නූල් ගුවන් යානයේ එන්ජින් (Engines), ප්‍රචාලක (Propellers), ගොඩබෑමේ උපකරණ (Landing Gear) සහ අනෙකුත් අත්‍යවශ්‍ය ගුවන් යානා පද්ධති (Critical Aircraft Systems) වෙත හානි සිදු කළ හැකි අතර, විශේෂයෙන් ගුවන්ගත වීම (Take-off) සහ ගොඩබෑම (Landing) සිදුවන අවස්ථාවලදී ගුවන් යානා මෙහෙයුම්වල ආරක්ෂාවට බරපතළ තර්ජනයක් විය හැකිය.

එබැවින් සියලුම අභ්‍යන්තර හා ජාත්‍යන්තර ගුවන්තොටුපළවල් ආශ්‍රිත ප්‍රදේශවල සරුංගල් පියාසර කිරීමෙන් වළකින ලෙස ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරිය සහ ගුවන්තොටුපළ හා ගුවන් සේවා (ශ්‍රී ලංකා) (පුද්ගලික) සමාගම මහජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටී.

මීට අමතරව, ගුවන්තොටුපළ ආශ්‍රිත ආරක්ෂිත කලාපවල (Protected Areas) හෝ ගුවන්යානා මෙහෙයුම්වලට බාධා වන අයුරින් අනවසරයෙන් සරුංගල් පියාසර කිරීම, ශ්‍රී ලංකාවේ සිවිල් ගුවන්සේවා නීති සහ ගුවන් සන්තරණ රෙගුලාසි (Air Navigation Regulations) යටතේ දඬුවම් ලැබිය හැකි වරදකි.

ගුවන් ආරක්ෂාව තහවුරු කිරීම සැමගේ වගකීමකි. ඔබගේ වගකීම් සහගත ක්‍රියාකලාපය මඟින් නිරුපද්‍රිත අහසක් සහ සුරක්ෂිත ගුවන් ගමන් තහවුරු කිරීමට දායක වන්න.


Representatives of Mitsubishi Corporation called on the Director General of Civil Aviation & Chief Executive Officer. (DGCA & CEO), together with senior officials of the Civil Aviation Authority of Sri Lanka (CAASL), on 13 July 2026 to discuss opportunities for cooperation in support of the development of Sri Lanka's civil aviation sector.

The discussions focused on key areas of mutual interest, including aviation infrastructure development, airport modernization, technological innovation, and enhancing operational efficiency. Representatives of Mitsubishi Corporation shared their global experience and expertise in delivering aviation-related projects, while CAASL officials outlined Sri Lanka's ongoing initiatives to strengthen aviation safety, security, regulatory oversight, and service excellence in line with international standards.

The meeting also explored potential avenues for future collaboration, with both parties emphasizing the importance of leveraging advanced technologies, innovation, and international best practices to promote the sustainable growth of the aviation industry.

The Director General of Civil Aviation expressed appreciation for Mitsubishi Corporation's interest in Sri Lanka's aviation development and highlighted the value of strategic partnerships in achieving the country's long-term aviation objectives. Representatives of Mitsubishi Corporation also appreciated the opportunity to engage with CAASL and reaffirmed their commitment to maintaining close dialogue to identify mutually beneficial opportunities.

The meeting concluded with both parties expressing their appreciation for the productive discussions and their shared commitment to fostering future cooperation in support of Sri Lanka's aviation sector.

 

 

The Civil Aviation Authority of Sri Lanka (CAASL) successfully conducted the Next Generation of Aviation Professionals (NGAP) Aviation Awareness Programme titled "Career Pathways to the Aviation Industry" under the leadership of the Director General of Civil Aviation and Chief Executive Officer, Capt. Daminda Rambukwella. The programme was organized with the objective of inspiring and educating undergraduates on the diverse career opportunities available within Sri Lanka's aviation industry while supporting the International Civil Aviation Organization's (ICAO) Next Generation of Aviation Professionals (NGAP) Initiative.

The programme brought together undergraduate students from Uva Wellassa University, NEXT Campus, and CINEC Campus, providing them with valuable exposure to the aviation sector and the wide range of professional pathways available across regulatory, airport, airline, and air navigation services.

A major highlight of the programme was an engaging Panel Discussion on "Career Pathways to the Aviation Industry," where distinguished aviation professionals shared their knowledge, career experiences, and insights into the industry's future. The discussion was moderated by Mr. Thilina Warnasinghe, Director (Air Navigation Services), Civil Aviation Authority of Sri Lanka.

The panel comprised:

  • Mr. Asanga Liyanarchchi, Director (Air Transport & Economic Regulation), Civil Aviation Authority of Sri Lanka
  • Mr. Shalutha R. Rathnayake, Airport Management, Airport & Aviation (Sri Lanka) (Private) Limited
  • Mr. Indunil Wijekoon, Regional Manager, SriLankan Airlines
  • Ms. Ashani Ranaweera, Senior Civil Aviation Inspector, Civil Aviation Authority of Sri Lanka

During the interactive session, the panelists discussed the evolving landscape of the aviation industry, emerging career opportunities, industry expectations, professional competencies, leadership, innovation, and the skills required to succeed in a highly dynamic and globally connected aviation environment. Students actively engaged with the panel through an interactive question-and-answer session, gaining valuable career guidance and practical insights from experienced aviation professionals.

Following the panel discussion, participants were taken on an educational field visit to Bandaranaike International Airport (BIA), where they were introduced to various aspects of airport operations and the critical functions that ensure the safe and efficient movement of aircraft and passengers.

The field visit also included an exclusive tour of the SriLankan Airlines Engineering Hangar, where students had the unique opportunity to observe aircraft maintenance activities, learn about aircraft engineering and technical operations, and experience the interior of a commercial aircraft firsthand. The visit provided participants with practical exposure to real-world aviation operations, complementing the knowledge gained during the awareness sessions.

The programme was highly appreciated by the participating students, who expressed their enthusiasm for the informative sessions and the rare opportunity to experience Sri Lanka's aviation industry from behind the scenes. The combination of expert presentations, an insightful panel discussion, and practical field exposure offered participants a comprehensive understanding of the aviation sector and its exciting career prospects.

Through initiatives such as the NGAP Aviation Awareness Programme, the Civil Aviation Authority of Sri Lanka continues to demonstrate its commitment to developing the next generation of aviation professionals by promoting aviation education, creating awareness of career opportunities, and encouraging young talent to contribute to the continued growth and sustainability of Sri Lanka's aviation industry.

 

 

In line with the policies promoted by the International Civil Aviation Organization (ICAO) on Sustainability, Green Aviation, Energy Efficiency, and the reduction of Carbon Emissions, the Civil Aviation Authority of Sri Lanka (CAASL) officially commissioned its Solar Photovoltaic (PV) System on 10 July 2026.

The Solar PV project was inaugurated at the invitation of Captain Daminda Rambukwella, Director General and Chief Executive Officer of the Civil Aviation Authority of Sri Lanka, under the patronage of the Hon. Anura Karunathilake, Minister of Ports, Civil Aviation and Energy. The ceremony was also attended by the Hon. Janith Ruwan Kodithuwakku, Deputy Minister of Ports and Civil Aviation, Mr. W. W. S. Mangala, Secretary to the Ministry of Ports and Civil Aviation, along with distinguished guests.

Speaking at the ceremony, Captain Daminda Rambukwella, Director General and Chief Executive Officer of the Civil Aviation Authority of Sri Lanka, stated that CAASL remains firmly committed to implementing the principles of Sustainability,Green Aviation, Energy Efficiency, and Carbon Emission Reduction promoted by ICAO through practical and meaningful initiatives.

He further noted that the Solar PV system is expected to generate nearly 70% of the Authority's total electricity requirement through renewable energy, while surplus electricity generated by the system will be exported to the National Grid. This initiative will make a significant contribution to strengthening environmental sustainability while enhancing the country's energy security.

Captain Rambukwella further emphasized that the project represents another important milestone in Sri Lanka's journey towards Green Aviation, supporting the development of an environmentally friendly, energy-efficient, and sustainable aviation sector through the reduction of carbon emissions. He also reaffirmed CAASL's continued commitment to providing leadership in achieving the United Nations Sustainable Development Goals (SDGs) and advancing sustainable aviation in Sri Lanka.

The commissioning of the Solar PV system reflects the Civil Aviation Authority of Sri Lanka's ongoing commitment to promoting Green Aviation, improving energy efficiency, reducing carbon emissions, and contributing towards a more sustainable future for Sri Lanka's aviation industry.

 

ශ්‍රී ලංකා සිවිල් ගුවන්සේවා අධිකාරිය හරිත ගුවන්සේවාව (Green Aviation) කරා තවත් සුවිශේෂී පියවරක් තබයි.

ජාත්‍යන්තර සිවිල් ගුවන්සේවා සංවිධානය (International Civil Aviation Organization – ICAO) විසින් ප්‍රවර්ධනය කරනු ලබන තිරසාර සංවර්ධනය (Sustainability), හරිත ගුවන්සේවාව (Green Aviation), බලශක්ති කාර්යක්ෂමතාව (Energy Efficiency) සහ කාබන් විමෝචනය (Carbon Emissions) අවම කිරීමේ ප්‍රතිපත්තිවලට අනුගත වෙමින්, ශ්‍රී ලංකා සිවිල් ගුවන්සේවා අධිකාරිය විසින් ස්ථාපිත කරන ලද සූර්ය ප්‍රකාශ වෝල්ටීයතා (Solar Photovoltaic - PV) පද්ධතිය අද (2026 ජූලි 10) නිල වශයෙන් ජනතා අයිතියට පත් කෙරිණි.

ශ්‍රී ලංකා සිවිල් ගුවන්සේවා අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් සහ ප්‍රධාන විධායක නිලධාරී කපිතාන් දමින්ද රඹුක්වැල්ල මහතාගේ ආරාධනයෙන්, ගරු වරාය, සිවිල් ගුවන්සේවා හා බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් මෙම ව්‍යාපෘතිය විවෘත කෙරිණි.

මෙම සමාරම්භක අවස්ථාවට ගරු වරාය හා සිවිල් ගුවන්සේවා නියෝජ්‍ය අමාත්‍ය ජනිත රුවන් කොඩිතුවක්කු මැතිතුමා, වරාය හා සිවිල් ගුවන්සේවා අමාත්‍යාංශයේ ලේකම් ඩබ්ලිව්. ඩබ්ලිව්. එස්. මංගල මහතා ඇතුළු සම්භාවනීය ආරාධිත පිරිසක් සහභාගී වූහ.

මෙම ව්‍යාපෘතිය මඟින් ශ්‍රී ලංකා සිවිල් ගුවන්සේවා අධිකාරියේ සමස්ත විදුලි බල අවශ්‍යතාවයෙන් සියයට 70කට ආසන්න ප්‍රමාණයක් පුනර්ජනනීය බලශක්තියෙන් (Renewable Energy) සපුරා ගැනීමට හැකි වන අතර, අතිරික්ත විදුලි බලය (Surplus Electricity) ජාතික විදුලිබල පද්ධතිය (National Grid) වෙත එක් කිරීම තුළින් පාරිසරික තිරසාරභාවය තවදුරටත් ශක්තිමත් කිරීමට මෙන්ම රටේ බලශක්ති සුරක්ෂිතතාවයට ද වැදගත් දායකත්වයක් සපයයි.

මෙහිදී අදහස් දැක්වූ ශ්‍රී ලංකා සිවිල් ගුවන්සේවා අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් සහ ප්‍රධාන විධායක නිලධාරී කපිතාන් දමින්ද රඹුක්වැල්ල මහතා සඳහන් කළේ, ICAO විසින් ප්‍රවර්ධනය කරනු ලබන තිරසාර සංවර්ධනය සහ හරිත ගුවන්සේවාව යන සංකල්ප ප්‍රායෝගිකව ක්‍රියාවට නැංවීම සඳහා ශ්‍රී ලංකා සිවිල් ගුවන්සේවා අධිකාරිය අඛණ්ඩව කැපවී සිටින බවයි.

තවද, මෙම සූර්ය ප්‍රකාශ වෝල්ටීයතා (Solar PV) ව්‍යාපෘතිය මඟින් ආයතනයේ විදුලි බල අවශ්‍යතාවයෙන් සියයට 70කට ආසන්න ප්‍රමාණයක් පුනර්ජනනීය බලශක්තියෙන් සපුරා ගැනීමට හැකි වන අතර, අතිරික්ත විදුලි බලය ජාතික විදුලිබල පද්ධතිය වෙත එක් කිරීම මඟින් කාබන් විමෝචනය අවම කරමින් පරිසර හිතකාමී, බලශක්ති කාර්යක්ෂම සහ තිරසාර ගුවන්සේවා පද්ධතියක් ගොඩනැගීමට මෙම ව්‍යාපෘතිය සුවිශේෂී දායකත්වයක් ලබාදෙන බව ද ඔහු අවධාරණය කළේය.

මෙම ව්‍යාපෘතිය ශ්‍රී ලංකාවේ ගුවන්සේවා ක්ෂේත්‍රය තුළ හරිත ගුවන්සේවාව ප්‍රවර්ධනය කිරීම, කාබන් විමෝචනය අවම කිරීම සහ එක්සත් ජාතීන්ගේ තිරසාර සංවර්ධන ඉලක්ක (Sustainable Development Goals – SDGs) සාක්ෂාත් කර ගැනීම සඳහා ශ්‍රී ලංකා සිවිල් ගුවන්සේවා අධිකාරිය දරන අඛණ්ඩ කැපවීම තවදුරටත් තහවුරු කරන සුවිශේෂී සන්ධිස්ථානයකි.