செய்தி ஊட்டங்கள்

Island Wide Aviation Art Competition - 2024

15 அக்டோபர் 2024

Closing date 07th November 2024

Island Wide Aviation Art Competition - 2024

11 அக்டோபர் 2024

Closing Date 07th November 2024

Logo

දීප ව්‍යාප්ත ගුවන්සේවා චිත්‍ර නිර්මාණ තරඟාවලිය - 2024

 

 

01

හැඳින්වීම

:

2024 දෙසැම්බර් මස 07 දිනට යෙදෙන 80 වන ජාත්‍යන්තර සිවිල් ගුවන් සේවා සංවිධානයේ සංවත්සරය තේමා කරගනිමින්, ගුවන්සේවා කර්මාන්තය පිළිබඳව දැනුම සහ අවබෝධය හා අනාගත අවස්ථාවන් පිළිබඳ තොරතුර පාසල් දරුවන්, තරුණ පරපුර හා මහජනතාව අතරට ගෙනයාම අරමුණු කර දීප ව්‍යාප්ත චිත්‍ර තරඟයක් පැවැත්වේ.

ඉහත සඳහන් වූ, දීප ව්‍යාප්ත ගුවන්සේවා චිත්‍ර නිර්මාණ තරඟාවලිය 2024 ඔක්තෝබර් 01 දිනට යෙදෙනෙ ලෝක ළමා දිනය දා, රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී නිල වශයෙන් මාධ්‍ය වෙත ප්‍රකාශයට පත් කරන ලදි.

02

සංවිධාන අත්වැල

 

මගපෙන්වීම
ප්‍රවාහන, මහාමාර්ග, වරාය හා සිවිල් ගුවන්සේවා අමාත්‍යාංශය

ජනමාධ්‍ය අමාත්‍යාංශය

සංවිධානය

ශ්‍රීලංකා සිවිල් ගුවන්සේවා අධිකාරිය

මාධ්‍ය අත්වැල
විද්‍යුත් මාධ්‍ය - ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව

මුද්‍රිත මාධ්‍ය - සී/ස එක්සත් ප්‍රවෘත්තිපත්‍ර සමාගම

සහයෝගිතා අත්වැල
 ගුවන්තොටුපොල සහ ගුවන්සේවා (ශ්‍රී ලංකා) සමාගම
ශ්‍රීලංකන් ගුවන් සමාගම
ශ්‍රීලංකන් කේටරිං සමාගම
ශ්‍රීලංකන් ගුවන් පුහුණු පාසල

ගුවන් කර්මාන්තයට සම්බන්ධ සෙසු ආයතන සහ සංවිධාන

03

තේමාව

:

අනාගත ගුවන් සේවාව අපේ ඇසින්

04

අරමුණ

:

ගුවන් සේවා කර්මාන්තය වෙනුවෙන් අනාගත දරු පරපුර සිවිබල ගැන්වීම උදෙසා ඉහත අවස්ථාවන්ට සමගාමීව මෙම තරඟය සංවිධානය කරනු ලබන අතර නිර්මාණකරනය වෙනුවෙන් දක්ෂතා සපිරි දරු දැරියන් මෙන්ම වැඩිහිටි පිරිස් ද ඇගයීමට ලක්කිරීම ද අරමුණු අතර වේ.

05

තරඟ කාණ්ඩ

:

පාසැල් අංශය

  • කණිෂ්ඨ අංශය (6 – 10) වසර - IWAC001
  • ජේෂ්ඨ අංශය (11 – 13) වසර - IWAC002

උසස් අධ්‍යාපන අංශය

  •  විශ්ව විද්‍යාල, උසස් අධ්‍යාපන ආයතන සහ ගුවන් පුහුණු පාසල් වල අධ්‍යාපනය ලබන ශීෂ්‍ය ශීෂ්‍යාවන් - IWAC003

විවෘත අංශය

  • ඕනෑම ශ්‍රීලාංකික පුරවැසියෙකු හට විවෘත අංශය යටතේ නිර්මාණ ඉදිරිපත් කල හැකිය. IWAC004

06

තරඟ කොන්දේසි

:

  • සෑම තරඟකරුවෙකුම අදාල තේමාවට අනුරෑපීව තම නිර්මාණය නිමකල යුතු අතර එක් තරඟකරුවෙකු හට ඉදිරිපත් කල හැක්කේ එක් නිර්මාණයක් පමනි.
  • නිර්මාණය සඳහා ඕනෑම වර්ණ මාධ්‍යයක් භාවිත කල හැකි අතර මිශ්‍ර මාධ්‍ය ද භාවිත කිරීමට තරඟකරුට නිදහස ඇත.
  • නිර්මාණයට යොදා ගන්නා කඩදාසියේ වර්ගය තෝරා ගැනීමට තරඟකරුට අවස්ථාව පවතින අතර එහි ප්‍රමාණය අඟල් 18 × 14 විය යුතුය.
  • පාසැල් තරඟකරුවන් සිය නිර්මාණය පසුපිටෙහි තම නම/ ලිපිනය/ තමාගේ හෝ තම භාරකරුගේ දුරකථන අංකය/ උපන් දිනය/ ඉගෙනුම ලබන ශ්‍රේණිය/ පාසලේ නම සහ ලිපිනය/ නිර්මාණකරුගේ අත්සන යන කරුණු සහිතව තමා විසින් සකස් කල අයදුම්පතක, ඉගෙනුම ලබන පාසලේ විදුහල්පතිතුමා/ තුමියගේ නිර්දේශය සහිතව ඉදිරිපත් කල යුතුය.
  • විවෘත තරඟකරුවන් විසින් ද තමාගේ තොරතුරු සඳහන් කරමින් අයදුම්පතක් තම නිර්මාණය පසුපිටෙහි සකස් කල යුතු අතර එය සාමාදාන විනිශ්චකාරවරයෙකු ලවා සහතික කරවාගනිමින් ඉදිරිපත් කල යුතුය.
  • විශ්ව විද්‍යාල සහ උසස් අධ්‍යාපන ආයතන වල ඉගෙනුම ලබන ශීෂ්‍ය ශීෂ්‍යාවන් විසින් ඉදිරිපත් කරනු ලබන චිත්‍ර නිර්මාණ ද තම අධ්‍යාපන ආයතනයේ ප්‍රධානියා ලබා සහතික කරවාගෙන ඉදිරිපත් කල යුතුය.

07

නිර්මාණ යොමුකිරීම

:

නිර්මාණ 2024 නොවැම්බර් 07 දිනට ප්‍රථම තැපැල් මගින් හෝ ගෙනැවිත් භාරදිය හැකි අතර තැපැල් මගින් යොමු කරන්නේ නම් ලිපි කවරයෙහි වම් පස ඉහළ කෙළවරෙහි දීප ව්‍යාප්ත ගුවන්සේවා චිත්‍ර තරඟය 2024ලෙස සහ තම තරඟ ඛාණ්ඩ අංකය (IWAC001/ IWAC002/ IWAC003/ IWAC004) ලෙස සටහන් කල යුතුය.

එමෙන්ම තැපැල් මගින් නිර්මාණ යොමුකිරීමේ දී තම නිර්මාණයට හානියක් නොවන පරිදි සකස් කර යොමුකිරීමට තරඟකරුවන් වගබලා ගත යුතු අතර සිවිල් ගුවන්සේවා අධිකාරියට ලැබීමට පෙර හානි වී ඇති නිර්මාණ සම්බන්ධයෙන් කිසිදු වගකීමක් භාරගනු නොලැබේ.

එමෙන්ම කිසිදු නිර්මාණයක් රාමු කර යොමු නොකළ යුතුය.

චිත්‍ර නිර්මාන යොමුකල යුතු ලිපිනය

සිවිල් ගුවන්සේවා ප්‍රවර්ධන ඒකකය
ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරිය
අංක 152/1
මිනුවන්ගොඩ පාර, කටුනායක.
 
විමසීම් - 0112 358 800
වැඩිදුර තොරතුරු - www.caa.lk

08

ජයග්‍රාහකයන් සඳහා ත්‍යාග

:

සෑම තරඟ කාණ්ඩයකම ප්‍රථම, දෙවන සහ තෙවන ස්ථාන හිමිකරගන්නා ජයග්‍රාහක ජයග්‍රාහිකාවන් හට වටිනා ත්‍යාග සහ සිව් වන ස්ථානයේ සිට දසවන ස්ථානය දක්වා ත්‍යාග වව්චර හා සහතිකපත් ද පිරිනැමීමට සැලසුම් කෙරේ.

09

ත්‍යාග ප්‍රධනය

:

ත්‍යාග සහ සහතික පත් ප්‍රධානය 2024 දෙසැම්බර් මස 06 හෝ 09 දින කොළඹ දී පැවැත්වෙන ජාත්‍යන්තර සිවිල් ගුවන් සේවා සංවිධානයේ 80 වන සාංවත්සරික සැමරුම් උත්සව අවස්ථාවේ දී සිදුකරනු ලැබේ.

10

වෙනත් කරුණු

:

  • තරඟකරුවන් විසින් ඉදිරිපත් කරනු ලබන සියළු නිර්මාණ ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරිය සතු වන අතර එම නිර්මාණ කිසිවක් ආපසු ලබාදෙනු නොලැබේ.
  • ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරිය විසින් පත් කරනු ලබන අපක්ෂපාතී විනිශ්ච මණ්ඩලයක් විසින් සියළු නිර්මාණ පරික්ෂාවට ලක්කරනු ලබන අතර විනිශ්ච මණ්ඩලයේ තීරණය අවසන් තීරණය වේ.
  • ශ්‍රී ලංකා සෞන්දර්ය විශ්ව විද්‍යාලය, ශ්‍රී ලංකා සිවිල් ගුවන්සේවා අධිකාරිය සහ ගුවන්සේවා කර්මාන්තය නියෝජනය වන පරිදි විනිශ්ච මණ්ඩලය සමන්විත වේ.
  • එමෙන්ම ඉහත දක්වා ඇති රාමුවෙන් පරිබාහිරව ඉදිරිපත් කරනු ලබන හා අනිසි බලපෑම් වලට ලක්කරන නිර්මාණ තරඟයෙන් ඉවත් කිරීමේ අයිතිය ද විනිශ්ච මණ්ඩලය සතුවේ.