
ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරියේ කාර්යාල සංසදයේ ක්‍රියාකාරීත්වය, මෙතෙක් අත්කරගෙන ඇති ප්‍රගතිය සහ ඉදිරි සංවර්ධන සැලසුම් පිළිබඳ ප්‍රගති සමාලෝචන වැඩසටහනක් අද (16) සිවිල් ගුවන් සේවා අධිකාරියේ කෝකිල ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.
මෙම සමාලෝචන වැඩසටහනේදී කාර්යාල සංසදයේ සේවක සහභාගීත්වය ප්‍රවර්ධනය කිරීම, කළමනාකාරීත්වය හා සේවකයන් අතර සහයෝගීතාව ශක්තිමත් කිරීම, සේවා ස්ථානය තුළ ඵලදායී සංවාදයක් ගොඩනැගීම සහ සේවක සුබසාධනය වර්ධනය කිරීම සඳහා ක්‍රියාත්මක කර ඇති වැඩසටහන් හා ක්‍රියාමාර්ග පිළිබඳ පුළුල් වශයෙන් සාකච්ඡා කෙරිණි.
එමෙන්ම කාර්යාල සංසදය ආරම්භ කිරීමෙන් අනතුරුව ක්‍රියාත්මක කරන ලද වැඩසටහන්, අත්කරගත් ප්‍රගතිය, මුහුණ දුන් අභියෝග සහ ඉදිරි සංවර්ධන සැලසුම් පිළිබඳව ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ (ILO) නියෝජිතයන් වෙත කරුණු ඉදිරිපත් කරන ලදී. මෙහිදී ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ නියෝජිතයන් විසින් ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරියේ කාර්යාල සංසදයේ ක්‍රියාකාරීත්වය සහ මෙතෙක් අත්කරගෙන ඇති ප්‍රගතිය ඇගයීමට ලක් කළ අතර, සංසදයේ සේවක සහභාගීත්වය සහ ආයතනික සුහදතාවය වර්ධනය කිරීම සඳහා ගෙන ඇති පියවර පිළිබඳ සිය ප්‍රශංසාව ද පළ කළහ.
එමෙන්ම අභ්‍යන්තර සේවක ගැටලු කාර්යාල සංසදය හරහා ඵලදායී ලෙස විසඳා ගැනීම මඟින් ආයතනයේ සේවා කාර්යක්ෂමතාව ඉහළ නංවා මහජනතාව වෙත වඩාත් ගුණාත්මක හා කාර්යක්ෂම සේවාවක් සැපයීමේ වැදගත්කම පිළිබඳව ද මෙහිදී අවධානය යොමු කෙරිණි.
ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ උපදේශක මහාචාර්ය එම්. තිලකසිරි මහතා, උපාලි අතුකෝරාල මහතා සහ ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ ශ්‍රී ලංකාවේ ප්‍රධාන නියෝජිත ආචාර්ය සුමනදාස මහතාගේ සහභාගීත්වයෙන් පැවති මෙම වැඩසටහන සඳහා සංසදයේ සභාපති, සිවිල් ගුවන් සේවා අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් සහ ප්‍රධාන විධායක නිලධාරී, කපිතාන් දමින්ද රඹුක්වැල්ල මහතා, නියෝජ්‍ය අධ්‍යක්ෂවරුන් වන රෙහාන් වන්නිඅප්පා මහතා, කපිතාන් ලසන්ත දහනායක මහතා සහ නියෝජ්‍ය අධ්‍යක්ෂිකා - රමේෂා ද සිල්වා මහත්මිය, අධ්‍යක්ෂිකා (මානව සම්පත්) - දිලානි කරුණාරත්න මහත්මිය, සිවිල් ගුවන් සේවා වෘත්තීය සේවක සංගමයේ ප්‍රධාන ලේකම්, අනුශාසක ඇතුළු කාර්යාල සංසදයේ නියෝජිතයන් මෙම අවස්ථාවට සහභාගී වූහ.


